අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ෂ කොටස යටතේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 25 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ශාන්ත සෙබස්තියන් විදුහලේ සවිඳු රොද්‍රිගූ (54) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම කළණ සංදීප ලකුණු 35 කට කඩුලු 4 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 191
(සවිඳු රොද්‍රිගූ 54, යෂාන් අවිෂ්ක 31, අසිත වන්නිනායක 28/2, දම්සර අමරසේන 41/2, ගිහාන් ඊබට් 47/2)
ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 44.1 කදී සියලු දෙනා දැවී 166
(චමිඳු වික්‍රමසිංහ 36, චන්දිමාල් හේරත් 35, යුගීෂ රාමයියා 25, කළණ සංදීප 35/4, සුපුන් ප්‍රනාන්දු 31/3, හිරුමාල් පෙරේරා 26/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.