Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ ශාන්ත සෙබස්තියන් විදුහලේ ජනිෂ්ක පෙරේරා ලකුණු 64 ක් රැස්කරමින් ලකුණු 20 කට කඩුලු 6 ක්ද දවාගත්තේය.
ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 47.1 කදී සියලු දෙනා දැවී 144
(ජනිෂ්ක පෙරේරා 64, දුනිත් ජයතුංග 39, රවින්ද්‍ර රසංක 40/5, රමේෂ් මධුෂංක 46/3)
ලුම්බිණි විදුහල් පළමු ඉනිම - ඕවර 23.2 කදී සියලු දෙනා දැවී 54
(ජනිෂ්ක පෙරේරා 20/6, කවිඳු සංදීප 08/2, ශෂික පෙරේරා 24/2)
ශාන්ත සෙබස්තියන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 27.2 කදී කඩුලු 3 දැවී 87
(දුනිත් ජයතුංග 70, චවිඳු හංසක 12/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.