අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ ශූරතාව දිනාගැනීමට කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 3 කින් දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල පරාජය කරමින් ශාන්ත සෙබස්තියන් විදුහල ශූරතාවට හිමිකම් කීවේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 125 ක ඉලක්කයක් හඹාගිය සෙබස්තියන් විදුහල් ක්‍රීඩකයෝ ඕවර 29.3 කදී කඩුලු 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
එස්. ද එස්. ජයසිංහ විදුහල වෙනුවෙන් ලකුණු 37 කට කඩුලු 4 ක් දවා ගැනීමට කාවින්දන පෙරේරා සමත් වුවද, සිය කණ්ඩාවම පරාජයෙන් ගලවා ගැනීමට තරම් එය ප්‍රමණවත් නොවීය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එස්. ද එස්. ජයසිංහ විදුහල ලකුණු 124 කට සීමා කිරීමට සෙබස්තියන් විදුහල් පන්දුයවන්නෝ සමත් වූ අතර සමිත දිල්ෂාන් සහ අශේන් චානුක කඩුලු 3 බැගින් දවාගත්හ.
	
	එස්. ද එස්. ජයසිංහ විදුහල - ඕවර 38.1 කදී සියලු දෙනා දැවී 124  
	(තිලංක දිල්හාර 49, මදුක නිරෝෂන් 22, ආකාෂ් තරංග 14, සමිත දිල්හාර 25/3, අශේන් චානුක 33/3, ශෙහාන් උදාර 28/2)
	ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 29.3 කදී කඩුලු 7 ක් දැවී 127
	(සමිත දිල්ෂාන් 33, කාවින්ද ඉරෝෂ් 20, අශේන් චානුක නොදැවී 19, රෂ්මික උදාර නොදැවී 14, කාවින්දන පෙරේරා 37/4)
				 ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම 
			 | 
		
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.