Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත සර්වේෂස්ට ලකුණු 112ක ජයක්
17න් පහළ ක්‍රිකට්

ශාන්ත සර්වේෂස්ට ලකුණු 112ක ජයක්

editorial - 2025 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ I වැනි කොටසේ   අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ලකුණු 112ක ජයක් අත්කර ගැනීමට මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය සමත්විය.

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ සී.එම්. ජයවීර (57) සහ බී. නෙත්මක (50) අර්ධ ශතක ලබාගත් අතර, පී.එම්. රත්නායක පන්දුවෙන් දස්කම් දැක්වීය.


 
මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 9 ට  202 යි 
(සී.එම්. ජයවීර 57, බී. නෙත්මක 50, එන්.ටී. බණ්ඩාර 36, එච්. දිල්මක 21/2, ඕ. කරුණාරත්න 40/2, බුවිඳු විමත්සර 44/2)
 
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය - ඕවර 36.5 කදී සියලු දෙනා දැවී 90 යි 
(ආර්. ද සිල්වා 25, එස්. ද සොයිසා 22, පී.එම්. රත්නායක 20/4, ජේ.කේ. ඒකනායක 10/2, එල්. ලක්දිනු 16/2)

 


අදහස් (0)

ශාන්ත සර්වේෂස්ට ලකුණු 112ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.