Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මාතර ශාන්ත සර්වේශස් විදුහල සමත් විය.
කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයකදී කොළඹ නාලන්දා විදුහලට එරෙහිව ලකුණු 11 ක ජයක් වාර්තා කරමින් ශාන්ත සර්වේශස් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
එහිදී ශාන්ත සර්වේශස් විදුහලේ ශෂික දුල්ෂාන් ලකුණු 51 ක් රැස්කරමින් සහ ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්තම් දැක්වීය.
ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 206
(කේසර නුවන්ත 70, ශෂික දුල්ෂාන් 51, ජනිත ජයරත්න 23/3, වර්ශ ආනන්ද 23/2, ජයෝද් කල්දේරා 33/2)
නාලන්දා විදුහල පළමු ඉනිම - ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 195
(සචිත ගුණතිලක නොදැවී 67, චමිඳු විජේසිංහ 32, රූසර භානුක 31, ශෂික දුල්ෂාන් 21/4, නවීන් සහිත් 31/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.