Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ පහසු ජයක් ලබති

ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ පහසු ජයක් ලබති

editorial - 2022 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ ‘ඒ’ කොටස යටතේ  අද (23 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 34-03 ක් ලෙස මහනුවර කින්ස්වුඩ් විදුහල පරාජය කිරීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සමත් විය. 

තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 19-03 ක් ලෙස ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී ටෙරාන් කරුණානායක සහ නවීන් මාරසිංහ ලබාගත් උත්සාහක දිනුම් ගෝල දිනුම් බවට ප්‍රවර්ථනය කිරීමට දිල්හාර සුබාෂ් සමත් විය. 

කෙසේ වුවත් පළමු අර්ධයේ 16 වැනි විනාඩියේදී ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් ඉසුරු අංජන ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට සුබාෂ් අසමත් විය. කින්ස්වුඩ් විදුහල පළමු අර්ධයේදී ලකුණු ලබාගත්තේ 28 වැනි විනාඩියේදී ඉමංක ඉෂාර සාර්ථක කර ගත් දඬුවම් පහර මගිනි. 

දෙවැනි අර්ධයේ 50 වැනි, 56 වැනි සහ 69 වැනි විනාඩිවලදී ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් තවත් උත්සාහක දිනුම් 3 ක් ලබාගැනීමට සචින්තන විද්‍යාන, විහඟ රන්දීප සහ ශිතිජ සංජීව සමත් වූහ. එහෙත් එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් සාර්ථක කර ගැනීමටද සුබාෂ් අපොහොසත් විය. 

මෙම තරගය තුළදී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ පැහැති කාඩ්පත් 2 බැගින් ලැබූහ.


අදහස් (0)

ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ පහසු ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.