Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 124 ක ජයක් හිමිකර ගැනීමට වත්තල ශාන්ත ජෝසප් විද්‍යාලය පසුගියදා සමත්විය. මෙම තරගය ක්‍රිස්ට් කිංග්ස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ උදාර ජයතිලක ලකුණු 101 කට කඩුලු 13 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වුවද තරගය ජයගැනිමට තරම් එය ප්‍රමාණවත් නොවීය.
ශා. ජෝසප් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 37.4 කදී සියලුදෙනා දැවී ලකුණු 142
(විමුත් එරන්ත 42, පසිඳු ජයත් 39, උදාර පින්තු 22, උදාර ජයතිලක 24/6, උදේෂ් කාවින්ද 63/4)
රාජසිංහ ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 32.2 කදී සියලුදෙනා දැවී ලකුණු 75
(චමෝද් ගයාන් 07/3, විමුත් එරංන්ත 19/3, හසංජ ඉහාන් 09/2, අමිත් අකලංක 34/2)
ශා. ජෝසප් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 65 කදී සියලුදෙනා දැවී ලකුණු 166
(විකුම් තරූෂ 34, උදාර පින්තු 27, හසංජ ඉහාන් 21, උදාර ජයතිලක 77/7)
රාජසිංහ ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 48 කදී සියලුදෙනා දැවී ලකුණු 109
(සචින් මලින්ද 24, ඩලස් කීත් 13/3, විමුත් එරංන්ත 16/3, අස්මිත් අකලංක 43/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.