Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහලට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විදුහල ඊයේ (31) සමත්විය. මෙම තරගය ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කඩුලු 3 බැගින් දවාගත් අශේන් ඩැනියල්, මිරංග වික්‍රමගේ සහ දුනිත් වෙල්ලගේ ශ්‍රී ධර්මාලෝක විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකරමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.
පෙරදින ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවූ අතර ඕවර 40 කට තරගය සීමාවිය.
ශ්‍රී ධර්මාලෝක විදුහල - ඕවර 26.5 කදී සියලුදෙනා දැවී 77
(තාරක රාජසූරිය 28, අශේන් ඩැනියල් 08/3, මිරංග වික්‍රමගේ 18/3, දුනිත් වෙල්ලගේ 21/3)
ශා. ජෝසප් විදුහල - ඕවර 10.4 කදී කඩුල්ලක් දැවී 83
(ශෙවාන් රසූල් නොදැවී 32, ජෝනී ද සිල්වා 30)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.