Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා.ඇලවිෂියස් විද්‍යාලයට ලකුණු 122 ක ජයක්

ශා.ඇලවිෂියස් විද්‍යාලයට ලකුණු 122 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2018 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ෂ කොටසේ තරගයකදී මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට එරෙහිව ලකුණු 122 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල ශාන්ත ඇලවිෂියස් විද්‍යාලය ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය වස්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කවිඳු දිල්හාර (66) සහ ඔමාල් සදිත් (62) අර්ධ ශතක රැස්කරමින් ශාන්ත ඇලවිෂියස් විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර නිපුන් රංගිත් ලකුණු 23 කට කඩුලු 5 ක් සහ පසන් තත්සර ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගනිමින් සාන්ත සර්වේශස් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

සාන්ත සර්වේශස් විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළ ශානුක නිකේශල ලකුණු 11 කට කඩුලු 4 ක් දවාගනිමින් ශාන්ත ඇලවිෂියස් විද්‍යාලයට ජය හිමිකර දීමට දායකවිය.

ශා. ඇලවිෂියස් විදුහල - ඕවර 41.3 කදී සියලුදෙනා දැවී 201
(කවිඳු දිල්හාර 66, ඔමාල් සදිත් 62, මිතුන් නිශාක 36, නිපුන් රංගිත් 23/5, පසන් තත්සර 31/3)

සා. සර්වේශස් විදුහල - ඕවර 29 කදී සියලුදෙනා දැවී 79
(ශානුක නිකේශල 11/4)


අදහස් (0)

ශා.ඇලවිෂියස් විද්‍යාලයට ලකුණු 122 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.