Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නුවනිඳු ප්‍රනාන්දුගේ දක්ෂ පිතිහරඹය නිසා අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය. කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේදී ඉකුත් සිකුරාදා පැවැති අවසන් මහ තරගයේදී තර්ස්ටන් විදුහල් කණ්ඩායමට එරෙහිව ලකුණු 141 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් ශාන්ත සෙබස්තියන් විදුහල එම ශූරතාවට හිමිකම් කීවේය.
පන්දු 113 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 17 ක් සමගින් ලකුණු 138 ක් රැස්කරමින් නුවනිඳු ප්‍රනාන්දු, ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.
නුවනිඳුගේ අගනා ඉනිම නිසා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 262 ක් ලබාගත්තේය.
ප්‍රවීන් කුරේ (39) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නුවනිඳු, ඉන් නොනැවතී තුෂාර ප්‍රනාන්දු (42) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104 ක සම්බන්ධතාවක්ද ගොඩනැගමින් ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
පන්දු 79 කට මුහුණ දුන් ප්‍රවීන් කුරේගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 57 කට මුහුණ දුන් වූ තුෂාර ප්‍රනාන්දු සිය ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 263 ක ඉලක්කයක් හඹාගිය තර්ස්ටන් විදුහල් කණ්ඩායමට ඕවර 42.4 ක් තුළදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 121 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ විනුජ රණසිංහ ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගත් අතර තුෂාර ප්‍රනාන්දු ලකුණු 30 කට කඩුලු 2 ක් දවාගත්තේය.
තර්ස්ටන් විදුහල් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු නිමේෂ් පෙරේරා පන්දු 88 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 40 ක් රැස්කළේය.
ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 262
(නුවනිඳු ප්‍රනාන්දු 138, ප්‍රවීන් කුරේ 39, තුෂාර ප්‍රනාන්දු 42, යේෂාන් වික්‍රමාරච්චි 62/2, නිපුන් ලක්ෂාන් 48/2)
තර්ස්ටන් විදුහල - ඕවර 42.4 කදී සියලු දෙනා දැවී 121
(නිමේෂ් පෙරේරා 40, නිපුන් ලක්ෂාන් 18, විනුජ රණසිංහ 15/3, තුෂාර ප්‍රනාන්දු 30/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.