කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ මීගමුව ශාන්ත පීතර විදුහල අතර මීගමුව කදිරාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘මුහුදු ලිහිණියන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය (3 වැනිදා) නිමාවන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත පීතර විදුහල කිසිවකු නොදැවී ලකුණු 38 ක් ලබා සිටියේය.
ඒ අනුව ශාන්ත පීතර විදුහල පළමු ඉනිමේ කඩුලු 10 ම අතැතිව ශාන්ත සෙබස්තියන් විදුහලට වඩා ලකුණු 192 ක් පසුපසින් සිටියේය.
කාසියේ වාසිය දිනූ ශාන්ත පීතර විදුහල් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විදුහල ඕවර 79.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 230 ක් ලබා ගත්තේය. එහිදී ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගැනීමට ෂෙහාන් උදාර (56) සමත් වූ අතර දුලාජ් අෂේන් ලකුණු 48 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය.
ශාන්ත පීතර විදුහල් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ දිනෙත් තත්සර ලකුණු 53 කට කඩුලු 4 ක් දවාගත් අතර බ්‍රයන් ජූලියන් ලකුණු 49 කට කඩුලු 3 ක්ද, උමේෂ් ලක්ෂාන් ලකුණු 15 කට කඩුලු 2 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 79.1 කදී සියලු දෙනා දැවී 230
(ෂෙහාන් උදාර 56, දුලාජ් අෂේන් 48, අයෝන් හේෂර 36, මෙත්ම දම්සර 32, දිනෙත් තත්සර 53/4, බ්‍රයන් ජූලියන් 49/3, උමේෂ් ලක්ෂාන් 15/2)
ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 13 කදී කිසිවකු නොදැවී 38
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.