Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. පීතර රග්බි පිලේ අනුග‍්‍රහයට එයාර්ටෙල් එයි

ශා. පීතර රග්බි පිලේ අනුග‍්‍රහයට එයාර්ටෙල් එයි

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශාන්ත පීතර විදුහලේ රග්බි ක‍්‍රීඩාව සඳහා 2014 වසරේදීත් අනුග‍්‍රහය දැක්වීම සඳහා එයාර්ටෙල් සමාගම ඉදිරිපත්වී තිබේ. ශ‍්‍රී ලංකාව තුළ තරගකාරී මට්ටමින් රග්බි ක‍්‍රීඩාවට අවතීර්ණ වූ සිව්වන පාසල වන්නේ ශාන්ත පීතර විදුහලයි.

1934 වසරේදී ශාන්ත පීතර විදුහලට පළමු රග්බි ජයග‍්‍රහණය ගෙනෙනු ලැබුවේ ෂර්ලි ඉලේසිංහ විසිනි. එම තරගය කොළඹ රාජකීය විදුහල සමග පැවති අතර එහදී 5-0 ක් ලෙස ශාන්ත පීතර විදුහල ජයග‍්‍රහණය කළේය.

2013 වසරේදී ශාන්ත පීතර විදුහලේ අවුරුදු 18 පහළ රග්බි කණ්ඩායම සහ අවුරුදු 20 පහළ රග්බි කණ්ඩායම් පිළිවෙළින් අන්තර් පාසල් රග්බි සත් සාමාජික ශුරතා තරගාවලියේ සමස්ත ලංකා ශුරයන් බවටත්, ලීග් තරගාවලියේ තෙවන ස්ථානයටත් පත්විය. තවද 2014 වසරේදීත් ශාන්ත පීතර විදුහලේ 18 පහළ රග්බි කණ්ඩායම අන්තර් පාසල් රග්බි සත් සාමාජික ශුරතා තරගාවලියේ ශුරයන් බවට පත්ව තිබේ. මේ වසරේ අවුරුදු 20 පහළ වයස් කාණ්ඩයේ අවසන් පූර්ව තරගය සඳහාද ශාන්ත පීතර විදුහල් කණ්ඩායම සහභාගී විය.

මේ වනවිට, ශාන්ත පීතර විදුහල් රග්බි කණ්ඩායම අංක 01 කොටසේ  ‘ඒ’ කාණ්ඩයට අයත් වන අතර අවසන් වරට අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියක් ජයග‍්‍රහණය කළේ 2010 වසරේදීය.

2012 වසරේ සිටම ශාන්ත පීතර විදුහලේ රග්බි ක‍්‍රීඩාව සඳහා නිල අනුග‍්‍රාහකත්වය සපයන එයාර්ටෙල් සමාගම, ආසියාවේ සහ අපි‍්‍රකාවේ රටවල් 20 ක මෙහෙයුම් කටයුතු කරන ප‍්‍රධාන පෙළේ ගෝලීය විදුලි සංදේශ සමාගමකි. එයාර්ටෙල් ලංකා සමාගම පාපන්දු, රග්බි, ටෙනිස්, ගොල්ෆ්, ඔරු පැදීම සහ මේස පන්දු යන කී‍්‍රඩා සඳහා අනුග‍්‍රහය දක්වා තිබේ.


- 036

 


අදහස් (0)

ශා. පීතර රග්බි පිලේ අනුග‍්‍රහයට එයාර්ටෙල් එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.