Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය ඊයේ (03 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් නිශිත අභිලාෂ් (129) ශතකයක් රැස්කළ අතර තරූෂ ප්‍රනාන්දු කඩුලු 5 ක් දවාගැනීමට සමත්විය.
ශා. සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 72.3 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 334
(නිශිත අභිලාෂ් 129, ශේන් ප්‍රනාන්දු 87, ටශීක් පෙරේරා 51, ගිහාන් සේනානායක නොදැවී 33, අශේන් ඩැනියල් 76/4, දුනිත් වෙල්ලලගේ 87/2)
ශා. ජෝසප් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 101.1 කදී සියලුදෙනා දැවී ලකුණු 416
(දිලේෂ් පෙරේරා 87, දුලිත් වෙල්ලලගේ 85, ජොහාන් ද සිල්වා 63, නිපුන් සුමණසිංහ 50, ශෙවන් රසූල් 48, තරූෂ ප්‍රනාන්දු 94/5, නදීර ප්‍රනාන්දු 85/2)
ශා. සෙබස්තියන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 27 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 121
(නිශිත අභිලාෂ් 37, මලින්ද පීරීස් නොදැවී 34, තරූෂ ප්‍රනාන්දු 21, දුලිත් වෙල්ලලගේ 36/2, දිනිත් ජයකොඩි 07/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.