Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව 38 වැනි තැනට

ශ්‍රී ලංකාව 38 වැනි තැනට

දිලිනි මල්රුක්ෂි - 2015 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි පිල ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමත් සමග ලෝක රග්බි ශ්‍රේණිගත කිරීමේ 38 වැනි ස්ථානය දක්වා ඉහළ නැග තිබේ.

මෙම තරගාවලියට සහභාගි වීමට පෙර ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීමේ 47 වැනි ස්ථානයේ පසු වූ අතර මෙම ජයග‍්‍රහණයත් සමඟ ස්ථාන 9 ක් ඉදිරියට පැමිණ තිබේ. ලෝකයේ රටවල් 160 ක් පමණ රග්බි කී‍්‍රඩාවේ නිරත වෙති.

ශ්‍රී ලංකාව මේ වන විට ආසියාවේ සිවුවැනි ස්ථානයේ පසුවෙයි. ජපානය, දකුණු කොරියාව සහ හොං කොං යන රටවල් ශී‍්‍ර ලංකාවට ඉදිරියෙන් සිටිති.

මෙම ජයග‍්‍රහණය ලැබුව ද ශ්‍රී ලංකාවට ආසියාවේ ප‍්‍රධාන කාණ්ඩයට පැමිණිමේ අවස්ථාව ශී‍්‍ර ලංකා පිලට නොලැබෙන අතර නව ක‍්‍රමය අනුව ලබන වසරේදීත් ආසියානු පළමු කොටසේ ශූරතාව දිනාගතහොත් ප‍්‍රධාන කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම අතර සුදුසුකම් ලැබීමේ තරගයකට සහභාගි වී උසස්වීමේ අවස්ථාව තිබේ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ උප සභාපති ලසිත ගුණරත්න මහතා පැවසුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය නම් මුදල් වියදම් කර සුදුසුකම් ලැබීමේ තරගයකට සහභාගි විය හැකි බවයි.


අදහස් (0)

ශ්‍රී ලංකාව 38 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.