Last Update  :  2026-04-10 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 9 කට හෙට තරග බිමේ

ශ්‍රී ලංකා මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 9 කට හෙට තරග බිමේ

editorial - 2026 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු මේසපන්දු සංගමයේ මගපෙන්වීම යටතේ ඉන්දීය මේසපන්දු සංගමය සංවිධානය කරන දකුණු ආසියානු යොවුන් මේසපන්දු තරගාවලියේ අවසන් දිනය වන හෙට (11 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 9 ක් වෙනුවෙන් තරග බිමට පිවිසෙනු ඇත. 

ඉන්දියාවේ ශිම්ලා නුවරදී පැවැත්වෙන මෙම තරගාවලිය කණ්ඩායම්, කේවල සහ යුගල ඉසව් යටතේ වයස් කාණ්ඩ 2 ක් සඳහා පැවැත්වේ. එහි කණ්ඩායම් ඉසව්වලදී රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

වයස 19 න් පහළ බාලක සහ බාලිකා කණ්ඩායම් ඉසව්වලදී සහ වයස 15 න් පහළ බාලක කණ්ඩායම් ඉසව්වේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් හිමිවූ අතර ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම හිමි වූයේ වයස 15 න් පහළ බාලිකා කණ්ඩායම් ඉසව්වේදීය. 

අද (10 වැනිදා) දිනයේදී තරගාවලියේ කේවල සහ යුගල තරග ඉසව්වල මූලික වටයේ තරග පැවැති අතර හෙට දිනයේදී එම ඉසව්වල අර්ධ අවසන් පූර්ව, අවසන් පූර්ව සහ අවසන් මහ තරග පැවැත්වෙනු ඇත. එහිදී ඉසව් 10 ක් පැවැත්වෙන අතර ඉන් වයස 19 න් පහළ යුගල ඉසව්ව හැරුණු කොට සෙසු ඉසව් 9 දීම ශ්‍රී ලංකාවට රන් පදක්කම් කරා යෑමේ අවස්ථාව පවතී. 

මෙම තරගාවලිය සඳහා දකුණු ආසියාතික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය සහ නේපාලය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වී සිටිති. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 8 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 8 දෙනෙක් මෙම තරගාවලියේදී තරග වදිති. 

අකේන් බෝජිත් වයස 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙසත්, තමාධි කාවින්ද්‍යා එම කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කරන අතර සැනෝන් දුල්ජිත් වයස 15 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙසත්, චනුකි අක්ෂනා එම කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කරති. 

චතුර දුෂාන් මහතා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර කුමාරසිරි ද සිල්වා මහතා කලමණාකරු ලෙසත්, එස්. මංචනායක මහත්මිය බාලිකාවන් භාර නිලධාරිණිය ලෙසත් ශ්‍රී ලංකා  කණ්ඩායමට එක්ව සිටිති. 


අදහස් (0)

ශ්‍රී ලංකා මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 9 කට හෙට තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.