Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙළෙඳ සේවා හොකී තරගාවලිය හෙට

වෙළෙඳ සේවා හොකී තරගාවලිය හෙට

editorial - 2022 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

වෙළෙඳ සේවා හොකී සංගමය 44 වැනි වරටත් සංවිධානය කරන වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරගාවලිය කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී හෙට (4 වැනිදා) පෙරවරු 8.00 සිට පැවැත්වීමට නියමිතය.
 
කණ්ඩායම් 22 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’, ‘ඊ’ සහ ‘එෆ්’ ලෙස කාණ්ඩ 6 ක් යටතේ තරග පැවැත්වේ. තරගාවලියේ අවසන් පූර්ව තරග පස්වරු 3.30 සිටද, අවසන් මහ තරගය පස්වරු 4.30 සිටද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එම කාණ්ඩ 6 සඳහා වෙන වෙනම ශූරතා කුසලාන සහ අනු ශූරතා කුසලාන පිරිනැමෙන අතර ඇතැම් ආයතන මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් දෙක බැගින් ඉදිරිපත් කිරීම හේතුවෙන් එහිදී ඉහළ තරගකාරීත්වයක් දැකගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.


‘ඒ’ කාණ්ඩය - ඩෙනිස් ද රොසයිරෝ ජනශත්කි කුසලාන
කොමර්ෂල් බැංකු ඒ කණ්ඩායම, හැටන් නැෂනල් බැංකු ඒ කණ්ඩායම, මාස් හෝල්ඩිංග්ස් ආයතනය සහ සම්පත් බැංකු ඒ කණ්ඩායම

‘බී’ කාණ්ඩය - සිංගර් කුසලාන
එලායන්ස් අයි.එන්.සී. අයතන, කොමර්ෂල් බැංකු බී කණ්ඩායම, හේලීස් සමූහය, එච්.එස්.බී.සී. බැංකුව

‘සී’ කාණ්ඩය - ලයිෆ්බෝයි කුසලාන
බ්‍රවුන්ස් ඒ කණ්ඩායම, ජෝන් කීල්ස් ඒ කණ්ඩායම සහ සිංගර් ආයතනය

‘ඩී’ කාණ්ඩය - එඩ්මන්ඩ් ජේ. කුරේ කුසලාන
නේෂන් ට්‍රස්ට් බැංකුව සහ සෙලාන් බැංකුව

‘ඊ’ කාණ්ඩය - සිලෝන් කෝල්ස් ස්ටෝස් කුසලාන
ලංකා දුම්කොල සමාගම, ඩී.එෆ්.සී.සී. බැංකුව සහ ඔරියන්ට් ෆිනෑන්න්ස් ආයතනය

‘එෆ්’ කාණ්ඩය - එම්.එච්.ඒ. ජනාධිපති කුසලාන
බ්‍රවුන්ස් බී කණ්ඩායම, හේලීස් බී කණ්ඩායම, ජෝන් කීස්ල් බී කණ්ඩායම, මාස් ආයතනය, සම්පත් බැංකු බී කණ්ඩායම

 


අදහස් (0)

වෙළෙඳ සේවා හොකී තරගාවලිය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.