Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙරළ වොලිබෝල් ජාතික පුහුණුකරු දිවියෙන් සමුගනී

වෙරළ වොලිබෝල් ජාතික පුහුණුකරු දිවියෙන් සමුගනී

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හදිසි රිය අනතුරකින් අද (20) මියගිය ජාතික වෙරළ වොලිබෝල් පුහුණුකරු ඩබ්.ඒ. ප්‍රසන්න උදය කුමාර මහතාගේ අවසන් කටයුතු අනිද්දා (22) පස්වරු 3ට ගලේවෙල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. මිය යනවිට 43 හැවිරිදි වියේ පසු වූ උදය කුමාර මහතා දෙදරු පියෙකි. 
 
වසර 2003 දී ශ්‍රී ලංකාවට වෙරළ (බීච්) වොලිබෝල් ක්‍රීඩාව හඳුන්වා දීමෙන් පසුව මේ දක්වාම එහි ජාතික (කාන්තා - පිරිමි) පුහුණුකරු ධුරවල කටයුතු කළ ඒ මහතා යටතේ ශ්‍රී ලංකාව අන්තර් ජාතික වෙරළ වොලිබෝල් (කාන්තා හා පිරිමි) තරගාවලි 29කට මේ දක්වා සහභාගී වී තිබේ. 
 
එහිදී ආසියානු ශූරතාවලිය ඇතුළුව ජාත්‍යන්තර වෙරළ වොලිබෝල්  පදක්කම් 11ක් ශ්‍රී ලංකාව දිනා ගැනීමට සමත්ව තිබේ. ඔහුගේ හදිසි අභාවය මෙරට වෙරළ වොලිබෝල් ක්‍රීඩාවට දැරිය නොහැකි පාඩුවක් බව පවසන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා හෙට ගලේවෙලදී පැවැත්වෙන ඔහුගේ අවසන් කටයුතු සඳහා සහභාගී වන ලෙස වොලිබෝල් ක්ෂේත්‍රයේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි. 
 
දේහය ගලේවෙල, දේවහුව, බුලනවැව, බණ්ඩාරනායක මාවතේ නිවසේ තැන්පත් කර තිබේ. 

අදහස් (0)

වෙරළ වොලිබෝල් ජාතික පුහුණුකරු දිවියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.