Last Update  :  2025-12-21 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වූෂු ජාතික තරගාවලිය 3 දා සිට

වූෂු ජාතික තරගාවලිය 3 දා සිට

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වුෂූ සම්මේලනය සංවිධානය කරන 14 වැනි ජාතික වුෂූ තරගාවලිය අනිද්දා (3 වැනිදා) කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලිය මේ මස 5 වැනිදා දක්වා පැවැත්වේ.

මේ වන විට ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ 250 කට අධික සංඛ්‍යාවක් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතව සිටින අතර ඔවුන් ලියාපදිංචි කිරීම සහ කුසපත් ඇදීම හෙට (2 වැනිදා) පසුවරු 1.00 සිට සුගතදාස කී‍්‍රඩාංගණයේදීම පැවැත්වේ.

මෙම තරගාවලිය තාවුලූ හා සන්දා යන අංශ දෙකෙන්ම පැවැත්වෙන අතර එහිදී කී‍්‍රඩකයන් වෙනුවෙන් බර පංති 11 ක් (කි. ග‍්‍රෑ. 48, 52, 56, 60, 65, 70, 75, 80, 85, 90, 90 ට වැඩි) යටතේද, කී‍්‍රඩිකාවන් වෙනුවෙන් බර පංති 7 ක් (කි. ග‍්‍රෑ. 48, 52, 56, 60, 65, 70, 75) යටතේද තරග පැවැත්වේ.

තරගාවලියේ සමාරම්භක උත්සවය අනිද්දා පෙරවරු 9.30 ට ආරම්භ වන අතර එහි ආරාධිතා අමුත්තන් ලෙස කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ජියං තා ඕ යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය. 


අදහස් (0)

වූෂු ජාතික තරගාවලිය 3 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.