Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වැස්සෙන් අවසන් තරගය විනාඩි පහකට සීමාවෙයි

වැස්සෙන් අවසන් තරගය විනාඩි පහකට සීමාවෙයි

editorial - 2023 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සහිරා විදුහල හා එරාවුර් අලිගාර් විදුහල අතර ඊයේ (10) පස්වරුවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙමින් තිබූ ‘ද බෝල් බ්ලාස්ටර්’ අන්තර් පාසල් වයස 20න් පහළ පළමු කාණ්ඩයේ පාපන්දු අවසන් මහ තරගය වර්ෂාව හේතුවෙන් විනාඩි පහක් තුළදී අත්හිටුවීමට සිදුවිය.

ඒ හේතුවෙන් මෙම තරගය අද (11) පෙරවරු 10 ට එකී ක්‍රීඩාංගනයේදීම පවත්වා අවසන් කිරීමට පාසල් පාපන්දු සංගමය තීරණය කළ බව එහි ප්‍රධාන ලේකම් එන්.එස්.බී. දිසානායක මහතා පැවසීය.

තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීමේ තරගය ඊයේ එහිදී පැවැත්වීමේදී කොළඹ දරුසලාම් විදුහල විසින් කොළඹ ශාන්ත ජෝශප් විදුහල ගෝල 5-2 කට පරාජය කරන ලදී. එහි විශේෂත්වය සිව්වැනි ස්ථානය දක්වා ඇදවැටුණු ශාන්ත ජෝශප් විදුහල ගියවරද ඇතුළුව මීට පෙර සිවු වතාවක්ම ශූරතාව දිනා ගැනීමට සමත්ව තිබීමයි.

ස්පෝට්ස් ටී.වී. ආයතනය මෙම තරගාවලියට අනුග්‍රහය දක්වන අතර කණ්ඩායම් 20 ක් ඊට නිර්දේශවී තිබුණි.

-223


අදහස් (0)

වැස්සෙන් අවසන් තරගය විනාඩි පහකට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.