Last Update  :  2025-06-27 21:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වාරියපොළ ශ්‍රී සුමංගලයට 24 - 12 ක පෙරළිකාර ජයක්
අන්තර් පාසල් රග්බි

වාරියපොළ ශ්‍රී සුමංගලයට 24 - 12 ක පෙරළිකාර ජයක්

editorial - 2025 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

දෙවැනි අර්ධයේදී දියත් කළ සැලසුම් සහගත ක්‍රීඩා රටාව හමුවේ විද්‍යාර්ථ රග්බි පිල පරදා ලකුණු 24-12 ක් පෙරළිකාර ජයක් ප්‍රසාද ලකුණුද ද සමගින් වාර්තා කිරීමට වාරියපොළ ශ්‍රී සුමංගල ක්‍රීඩකයෝ සමත් වූහ.

අන්තර් පාඨශාලීය ලීග් රග්බි ශූරතා තරගාවලියේ පළමු කොටසේ තරගයක් වශයෙන් පල්ලේකැලේ ත්‍රිත්ව විදුහල් රග්බි පිටියේ දී පැවති මෙම තරඟයේදී ප්‍රථම අර්ධය නිමා වනවිට ලකුණු 05-00 ක් වශයෙන් විද්‍යාර්ථ පිල ඉදිරියෙන් විය.

ජයග්‍රාහි සුමංගල ක්‍රීඩකයෝ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින්ලකුණු රැස්කළ අතර විද්‍යාර්ථ පිල ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු රැස් කළේය.

තරගඟ විනිසුරු ගිහාන් යටවර මහතාගේ ප්‍රථම නළා හඬින් තරඟය ආරම්භ වී පළමු අර්ධයේ 10 වැනි විනාඩියේ දී විද්‍යාර්ථ පිලේ යශ්මික හිරාන් විසින් උත්සහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක වූ බැවින් ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 05-00 ක් වශයෙන් විද්‍යාර්ථ පිල ඉදිරියෙන් විය.

දෙවැනි අර්ධයේ 44 වැනි විනාඩියේදී සුමංගල විදුහලේ ආදිත්‍ය රත්නායක විසින්උත්සහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය පසිඳු සමරකෝන් විසින් සාර්ථක කරගන්නා ලදී. ඉන් විනාඩි 05 කට පසු සුමංගල පිලේ යශ්මික බණ්ඩාර විසින් නැවතත් ප්‍රතිවාදී ලකුණු සීමාවට කඩා වැදුන අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

තරගයේ 56 වැනි විනාඩියේ දී විද්‍යාර්ථ පිලේ මොහොමඩ් රශිඩ් විසින්උත්සහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය කවිඳු හේවගේ විසින් සාර්ථක කරගන්නා ලදී.

තරගයේ 60 වැනි විනාඩියේදී සුමංගල පිලේ ශෂික බණ්ඩාර විසින්උත්සහක දිනුමක් වාර්තා කළේ තම පිලේ ජයග්‍රහණය ස්ථාවර මට්ටමට ගෙන එමිනි. එහි ප්‍රවර්තනය පසිඳු සමරකෝන් විසින් සාර්ථක කරගත් අතර තරඟයේ අතිරේක කාලයේ සුමංගල පිලේ චමෝද් පෙරේරා විසින් තවත් උත්සහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය.


අදහස් (0)

වාරියපොළ ශ්‍රී සුමංගලයට 24 - 12 ක පෙරළිකාර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.