Last Update  :  2026-03-27 19:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලයිසියම් - නාලන්දා තරගය විසඳුමකින් තොරයි

ලයිසියම් - නාලන්දා තරගය විසඳුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වත්තල ලයිසියම් විදුහල සහ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ගොඩිගමුවේදී පැවැති එම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලැබීමට ලයිසියම් විදුහල සමත් විය.

එහිදී ලයිසියම් විදුහල වෙනුවෙන් ලකුණු 58 කට කඩුලු 10 ක් දවාගැනීමට තිරක රණතුංග සමත් වූ අතර නාලන්දා මැදි විදුහලේ නිමේෂ් ප්‍රභාෂන ලකුණු 44 කට කඩුලු 6 ක්ද, තිරක රණතුංග ලකුණු 44 කට කඩුලු 8 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ලයිසියම් විදුහල පළමු ඉනිම - ඕවර 50.3 කදී සියලු දෙනා දැවී 184
(තුවාම් හුසේන් 52, ඉමන්ත ප්‍රනාන්දු 41, පසල් හේෂාන් 22, ප්‍රයාන් තෙරිච්චෙල්වම් නොදැවී 20, නිමේෂ් ප්‍රභාෂන 44/6, කවීෂ ලක්ෂාන් 24/2)

නාලන්දා මැදි විදුහල පළමු ඉනිම - ඕවර 39.4 කදී සියලු දෙනා දැවී 132
(මනීෂ් ප්‍රභාෂන 41, ගිම්හාන් ජයකොඩි 32, නිපුන් කනිෂ්ක 26, ඉමන්ත ප්‍රනාන්දු 37/4, තීරක රණතුංග 14/2)

ලයිසියම් විදුහල දෙවැනි ඉනිම - ඕවර 54 කදී සියලු දෙනා දැවී 230
(දිල්ෂාන් ජයවර්ධන 53, තුවාම් හුසේන් 41, සබීක් ඉෆ්තාරි 36, ජීවිතන් මහේෂ්වරන් 34, චන්දිර යසස්වින් 33, කවිඳු මධුරංග 66/7)

නාලන්දා මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 39 කදී කඩුලු 8 ක් දැවී 157
(පසිඳු සඳරුවන් 78, නිපුන් කනිෂ්ක 31, තිරක රණතුංග 44/8)

 


අදහස් (0)

ලයිසියම් - නාලන්දා තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.