Last Update  :  2025-09-04 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රුවිනිගෙන් පන්දු 95 කදී ලකුණු 239 ක්

රුවිනිගෙන් පන්දු 95 කදී ලකුණු 239 ක්

රොෂාන් ගුණරත්න - 2017 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුවිනි නන්දසේනගේ (නොදැවී 239) වාර්තාගත පිතිහරඹය හමුවේ ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (31 වැනිදා) පැවැති තරගයකදී ගනේවත්ත එස්.බී.හේරත් ජාතික පාසලට එරෙහිව ලකුණු 270 ක ජයක් ලබාගැනීමට කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය සමත්විය.

මෙම තරගය පින්නවල බටමුරේ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඕවර 25 තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබුනද වර්ෂාව හේතුවෙන් තරගය එක් පිලකට ඕවර 20 කට සීමාවූ අතර ඉනිමකට ඇතුළත් වන්නේ පන්දු 120 කි.

වාර්තාගත පිතිහරඹයක නිරතවූ දකුණතින් පිත්ත හසුරුවන ආරම්භක පිතිකාරිණි රුවිනි නන්දසේන පන්දු 95 කදී හයේ පහර 19 ක් සහ හතරේ පහර 24 ක් සමගින් නොදැවී ලකුණු 239 ක් රැස්කිරීමට සමත්වූවාය. ශතකය පන්දු 37 කදී ලබාගත් රුවිනි ද්විත්ව ශතකය පන්දු 62 කදී ලබාගත්තාය.

පාසල් ක්‍රිකට් ඉතිහාසයේ බාලිකා කණ්ඩායමක් විසින් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව (356) මෙය වන අතර බාලිකාවක් විසින් රැස්කළ ඉහළ ලකුණු සංඛ්‍යාව (නොදැවී 239) රුවිනි නන්දසේන විසින් මෙම තරගයේදී වාර්තා කළාය.

ශා. ජෝසප් විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 356
(රුවිනි නන්දසේන නොදැවී 239, හිමාෂා බණ්ඩාර 31/3)

එස්.බී.හේරත් ජාතික පාසල- ඕවර 17.1 කදී සියලුදෙනා දැවී ලකුණු 86
(ජනාදී කුමාරී 10, අචිනි විජේතුංග 17/3)


අදහස් (0)

රුවිනිගෙන් පන්දු 95 කදී ලකුණු 239 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.