Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් රග්බි සංගමයේ පසුගිය අඟහරුවාදා කොළඹ රාජකීය විදුහලේදී පැවැත්වූ විධායක කමිටු රැස්වීමට එහි ප්‍රධාන නිලයක් දරන්නේ යැයි කියන පුද්ගලයකුගේ මැදිහත්වීමෙන් විධායක කමිටු සාමාජිකයන් කීප දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් රැස්වීම උණුසුම් කළ බව වාර්තා වේ.
එම රැස්වීමේ මුලසුන දැරූ එහි සභාපති බී. ඒ. අබේරත්න මහතාගේ නම ද එහි සඳහන්ව තිබීම මෙහි කැපී පෙනෙන සිද්ධිය බවට පත්ව තිබේ. ඊට අමතරව භාණ්ඩාගාරිකවරයා සහ හිටපු උප සභාපතිවරයකුගේ නම් එම පෙත්සමේ සඳහන්ව තිබූ බව වාර්තා වේ.
මෙම පෙත්සම විධායක කමිටුව ඉදිරිපත් කරන බවට සඳහන් කර තිබීම පිළිබඳව විධායක කමිටු සාමාජිකයන් රැසක් විරෝධය පළ කිරීමත් සමඟ රැස්වීම කාලගෝට්ටියක් බවට පත්වූ බවට පත්ව තිබේ. එහිදී පළමුවෙන්ම මහනුවර ප්‍රදේශය නියෝජනය කරන පාසල් කීපයක නිලධාරීන් විධායක කමිටු සාමාජිකයන් වන තමන්ගේ අනුදැනුමක් නොමැතිව මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීම පිළිබඳව දැඩි විරෝධය එල්ල කර තිබේ.
සභාපති බී. ඒ. අබේරත්න මහතා ද රැස්වීම උණුසුම් වන ආකාරයෙන් කථා කළ බව දැනගන්නට තිබේ.
පාසල් රග්බි සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන කොළඹ ප්‍රධාන පාසලක රග්බි ක්‍රීඩාව භාර ආචාර්යවරයකු පෙත්සම ඉදිරිපත් කළ නිලධාරියාට දැඩිව දොස් නඟා තිබේ. පෙත්සමට මුල්වූයේ යැයි කියන පුද්ගලයාට පාසල් සංගමයේ ඉහළ තනතුර දැරීමට ඇති සුදුසුකම පිළිබඳවද එහිදී එම නිලධාරියා ප්‍රශ්න කළ බව වාර්තා වේ.
පළාත් සභාවකින් සහතික කළ ලිපියක් ඉදිරිපත් කරමින් තනතුරක රැදී සිටින්නේ යැයි කියන නිලධාරියකු මීට මාස කීපයකට පෙර එහි උසස් තනතුරක් බලහත්කාරයෙන් ලබාගත් බව වාර්තා වේ. ඔහුගේ දැඩි බලපෑම හේතුවෙන් මහ සභා රැස්වීමකදී තාවකාලික ලේකම් ධූරයට පත්වූ නිලධාරියා ඉල්ලා අස්වී තිබේ.
මෙම විධායක කමිටු රැස්වීමට ඇතැම් විධායක කමිටු සාමාජිකයන්ට ආරාධනා කර නොමැති බව ද පැවසේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ‘ලංකාදීප’යට අදහස් දැක්වූ පාසල් රග්බි සංගමයේ විධායක කමිටු සාමාජිකයකු පැවසුවේ අදාල පුද්ගලයාට එම උසස් තනතුර දැරීමට අධ්‍යාපන අමාත්‍යංශයෙන් කිසිදු අවසරයක් ලබාදී නොමැති බවයි.
“මේ පුද්ගලයාගේ කටයුතු නිසා පාසල් රග්බි සංගමයේ කටයුතු බිංදුවට වැටුණා. ඉන් පසුවයි අපි නව නිලධාරියකු පත්කර ගත්තේය. පසුව ඔහු කල්ලියක් සමඟ නැවත පත්වුණා.
“අපි සංගමයේ මුදල් පිළිබඳව විනිවිදභාවෙන් කටයුතු කරන ක්‍රමයක් හදාගෙන ආවා. දැන් මේ ඒක කඩාකප්පල් කරන්න හදන්නේ” යැයි එම නිලධාරීයා වැඩි දුරටත් පැවසීය.
කොළඹ පාසලක රග්බි බාර ආචාර්යවරියක් මෙම පෙත්සම සකස්කර ඇයගේ අත් බෑගයේ දමාගෙන පැමිණ ඇති බව තතු දන්නෝ පවසති.
විධායක සභාවේදී ඇති වූ ගාලගෝට්ටි තත්ත්වය හේතුවෙන් නැවත රාජකීය විදුහලේ රැස්වීම පැවැත්වීමේ අවස්ථාව අහිමිවනු ඇතැයි දැනගන්නට තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.