Last Update  :  2025-06-27 21:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීයයෝ තෙවැනි ජය ලබති
අන්තර් පාසල් රග්බි

රාජකීයයෝ තෙවැනි ජය ලබති

editorial - 2025 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ තෙවැනි සතිය යටතේ අද (20 වැනිදා) පැවැති මූලික වටයේ තරගකදී මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව ලකුණු 33-14 ක ජයක් වාර්තා කිරීමට කොළඹ රාජකීය විදුහල සමත් විය. මෙම තරගාවලියේදී රාජකීය විදුහල පිට පිටම ලැබූ තෙවැනි ජයද මෙය විය.

රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 19-07 ක් ලෙස පෙරමුණ ගැනීමට රාජකීයයෝ සමත් වූහ. එහිදී ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් රාජකීය විදුහල ලකුණු ලබාගත් අතර ශාන්ත ජෝෂප් විදුහල ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් මගිනි. 

දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 2 ක් මගින් සිය කණ්ඩායමට තවත් ලකුණු 14 ක් එක්කර ගැනීමට රාජකීය ක්‍රීඩකයන් සමත් වෙද්දී, ශාන්ත ජෝෂප් ක්‍රීඩකයන්ට ගෝල දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව නියමිත වේලාව අවසන් වන විට රාජකීයයෝ ශාන්ත ජෝෂප් විදුහලට වඩා ලකුණු 19 ක් ඉදිරියෙන් සිටියහ. 

 

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

රාජකීයයෝ තෙවැනි ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.