Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීය විදුහලට තියුණු ජයක්

රාජකීය විදුහලට තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් රග්බි සංගමය මෙහෙයවන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ දෙවැනි සතිය යටතේ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති තරගයේදී රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 22-20 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

ජයග‍්‍රාහි රාජකීය විදුහල් පිල ගෝල දෙකකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර වෙස්ලි විදුහල ගෝලයකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු කර ගත්තේය.

රාජකීය විදුහලට උමේෂ් මධුෂාන්, සුපුන් වර්ණකුලසූරිය සහ නිකිල් ගුණධීර උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ. නායක නිම්ෂාන් ජයවර්ධන, දඩුවම් පහර සහ ගෝල ප‍්‍රවර්ථන දෙක සාර්ථක කිරීමට සමත් විය.

වෙස්ලි විදුහලට ළහිරු මධුසංඛ, ඉෂාන් මධුෂාන් සහ ළහිරු ප‍්‍රසාද් උත්සාහක දිනුම බැගින් එකතු කිරීමට සමත් වූහ. ඉෂාන් ජුරම්පති, දඩුවම් පහර සහ ගෝල ප‍්‍රවර්ථනය සාර්ථකව සම්පූර්ණ කළේය.   

 


අදහස් (0)

රාජකීය විදුහලට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.