Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
’සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, කඩුවෙල මුනිදාස කුමාරතුංග මහා විදුහලට එරෙහිව ඉනිමක සහ ලකුණු 47 ක ජයක් ලැබීමට කොළඹ රාජකීය විදුහල් ‘සී’ කණ්ඩායම පෙරේදා (9) සමත් විය. මෙම තරගය රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පළමුවෙන් පන්දුවට පහරදුන් මුනිදාස කුමාරතුංග විදුහලට ඕවර 47.4 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 124 පමණි. ශලින්ද ඩයස් ලකුණු 61 ක් රැස් කරද්දී, රාජකීය විදුහලේ සෙනුත් ධර්මප්‍රිය ලකුණු 26 කට කඩුලු 5ක් බිඳහෙලීය.
පළමු ඉනිම ක්‍රීඩාකළ රාජකීය විදුහලට ඕවර 30 කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 196 ක් පමණි. නැවතත් දෙවන ඉනිම ක්‍රීඩාකළ මුනිදාස විදුහල ඕවර 25.5කදී සියලු දෙනා දැවී රැස්කරගත්තේ 25 ක අවම ලකුණු සංඛ්‍යාවකි. දක්ෂ පන්දු යැවීමක නිරතවූ ඔමාල් දිසානායක කිසිදු ලකුණක් ලබා නොදී කඩුලු 4ක් දවාලීය.
මුනිදාස කුමාරතුංග විදුහල පළමු ඉනිම - ඕවර 47.4කදී සියලු දෙනා දැවී ලකුණු 124
(ශලින්ද ඩයස් 61, දිමුත් ඉරෝෂන් 20, සෙනුත් ධර්මප්‍රිය 26/5, සසිඳු පෙරේරා 31/2,)
රාජකීය ‘සී’ කණ්ඩායම පළමු ඉනිම - ඕවර 30 කදී සියලු දෙනා දැවී ලකුණු 196
(ඔමෙන් සෙනුල 49, සෙනුල දීලන නොදැවී 43, මේදාන් පතිරණ 40, රුක්මාල් කුරේ 29, කවීන් අලහකෝන් 63/4 )
මුනිදාස කුමාරතුංග විදුහල දෙවැනි ඉනිම - ඕවර 25.5 කදී සියලු දෙනා දැවී ලකුණු 25
(ඔමාල් දිසානායක 00/4, ඝිසන් පෙරේරා 01/2, සෙනුත් ධර්මප්‍රිය 07/2 )
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.