Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාංපූර් රයිඩර්ස්ට ලකුණු 7 ක තියුණු ජයක්

රාංපූර් රයිඩර්ස්ට ලකුණු 7 ක තියුණු ජයක්

ශනුක අරවින්ද - 2017 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා ශිලාත් සික්සර්ස් කණ්ඩායම සහ රාංපූර් රයිඩර්ස් කණ්ඩායම අතර ඩකාහිදී ඊයේ (20 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් අත්කර ගැනීමට රාංපූර් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 170 ක ඉලක්කයක් හඹා ගිය ශිලාත් සික්සර්ස් පිතිකරුවන්ට රාංපූර් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 162 ක් පමණි.

සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 82 කදී ලකුණු 117 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක නසිර් හුසේන් (නොදැවී 50) සහ සබීර් රෙහෙමාන් (70) සමත් වුවත්, ශිලාත් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය. පන්දු 43 කදී වාර්තා වූ හුසේන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුලත් වූ අතර පන්දු 49 කදී වාර්තා වූ රෙහෙමාන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.

ශිලාත් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ධනුෂ්ක ගුණතිලකට පන්දු 4 කදී හයේ පහරක් සමගින් රැස්කරගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාංපූර් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් පන්දු 39 කදී ලකුණු 50 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. බ්‍රෙන්ඩන් මැකලම් (33) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ගේල් සමත් වූ අතර පන්දු 21 කදී වාර්තා වූ මැකලමේගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.

මොහොමඞ් මිතුන් හතරේ පහර 2 ක් සමගින් ලකුණු 21 ක්ද, තිසර පෙරේරා හතරේ පහර 2 ක් සමගින් ලකුණු 15 ක්ද, රවී බොපාරා හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 28 ක්ද රැස්කරමින් රාංපූර් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

 

රාංපූර් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 169
(බ්‍රෙන්ඩන් මැකලම් 33, ක්‍රිස් ගේල් 50, මොහොමඞ් මිතුන් 25, තිසර පෙරේරා 15, රවී බොපාරා 28, අබූල් හසන් 24/2)

ශිලාත් සික්සර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 162  
(නසිර් හුසේන් නොදැවී 50, සබීර් රෙහෙමාන් 70)

-036

 


අදහස් (0)

රාංපූර් රයිඩර්ස්ට ලකුණු 7 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.