Last Update  :  2025-05-14 15:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රග්බි පුහුණුකරුවෝ තනතුරු අතහැර යති

රග්බි පුහුණුකරුවෝ තනතුරු අතහැර යති

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි පිලේ ප‍්‍රධාන පුහුණුකරු සහ අභ්‍යාසක ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික නිලධාරීන්ට ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් වැටුප් නොගෙවීම හේතුවෙන් ඔවුන් තනතුරු අතහැර එංගලන්තය ලබා සිටත්ව ගොස් තිබේ.

මෙම නිලධාරීන් දෙදෙනා මාස තුනක පමණ කාලයක් ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම සමග කටයුතු කළ අතර රග්බි සංගමය එම පුහුණුකරුවන්ට රුපියල් ලක්‍ෂ 10 කට අධික හිග වැටුප් ගෙවීමට ඇති බවද වාර්තා වේ.

ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස පිල් ග‍්‍රීන් මහතාද, අභ්‍යාසක සහ පුහුණුකරු අංශයේ ප‍්‍රධානියා ලෙස රයන් ගිබ්නි මහතාද කටයුතු කළහ. මෙම පුහුණුකරුවන් දෙදෙනා වසර 3 ක කාලයක් සේවය කිරීමට නියමිතව තිබුණි.

රග්බි සංගමයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ වැටුප් නොගෙවීම නිසා පුහුණුකරුවන් දෙදෙනා පිටත්ව ගොස් ඇති බවයි. පුහුණුකරුවන්නට වැටුප් ගෙවීමට නොහැකි වී ඇත්තේ ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව සිටීම නිසා බව වාර්තා වේ.

 


අදහස් (0)

රග්බි පුහුණුකරුවෝ තනතුරු අතහැර යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.