Last Update  :  2025-05-14 15:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රග්බි ලොකු නිලධාරියකුට පවුම් වලින් පඩි ගෙවයි

රග්බි ලොකු නිලධාරියකුට පවුම් වලින් පඩි ගෙවයි

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින බව පැවසුනද එහි උසස් තනතුරකට මෑතකදී පත්කළ නිලධාරියකුට ලක්‍ෂ 10 කට අධික වැටුපක් ගෙවන බව රග්බි ආරංචි මාර්ග සඳහන් කරයි. මොහු රග්බි සංගමයේ ඉහළ පෙළේ නිලධාරියකුගේ සමීපතමයකු යැයි ද පැවසේ.
මේ දිනවල නිවාඩු ලබා විදේශගතව සිටින්නේ යැයි කියන එම නිලධාරියාට රුපියල් 150,000 ක මාසික ගෙවීමකට පිහිනුම් තටාකයක් සහිත කොළඹ සුපිරි නිවසක්, ප‍්‍රවාහන සහ දුරකථන දීමනාවක් ද ලබාදෙන බව ද තතු දන්නෝ පවසති.

එම නිලධාරියාට ආරම්භයේ පවුම් 3,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 612,000 ක් පමණ වැටුපක් ද, පසුගිය අගෝස්තු මස සිට පවුම් 5,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 1,020,000 ක් දක්වා ඉහළ දැමීමට ද තීරණය කර ඇතැයි ද වැඩි දුරටත් දැනගන්නට තිබේ.

අදාල නිලධාරියා මාස හතරකට ආසන්න කාලයක් රාජකාරි කළත් සංගමයට ඉන් ප‍්‍රයෝජනයක් ලැබී නොමැති බවට එහි ඇතැම් නිලධාරීහු චෝදනා කරති. ශ්‍රී ලංකා රග්බි සංගමයේ ඉතිහාසයේ පළමු වතාවට එම නිලධාරීයට බි‍්‍රතාන්‍ය පවුම්වලින් වැටුප් ගෙවන බවද පැවසේ.   

කෙසේ වෙතත් මෙම තනතුරේ මීට පෙර වැඩ කළ නිලධාරීන්ට මෙවැනි විශාල වැටුපක් ගෙවා නොමැති බවත් මොහු එම තනතුරේ කටයුතු කළත් එම තනතුරේ වැඩි වැඩ කොටසක් නිලවරණයෙන් පත්වූ නිලධාරීන්ට කිරීමට සිදුව තිබෙන බවත් වාර්තා වේ. 


අදහස් (0)

රග්බි ලොකු නිලධාරියකුට පවුම් වලින් පඩි ගෙවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.