Last Update  :  2026-03-10 21:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යාපනය ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සැලසුම් කළ පරිදිම ඉදිරියට

යාපනය ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සැලසුම් කළ පරිදිම ඉදිරියට

editorial - 2025 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

යාපනය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කටයුතු, සැලසුම් කළ පරිදිම, නොකඩවා ඉදිරියට ගෙනයන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කිහිපයක් නතර කර තිබුණ බැවින් යොදාගත් පරිදි 2026 ජනවාරි මස 14 වැනිදාට නියමිත පෙරහුරු තරගය පැවැත්විය නොහැකිය. එහෙත් පෙබරවාරියේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව පෙරහුරු තරගය පැවැත්විය හැකි යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. 

කෙසේ වෙතත් නියමිත කාලය ඇතුළත ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු අවසන් කළ හැකි වෙතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාසය පළකරයි. 

අක්කර 48 ක් පුරා පැතිරී ඇති භූමියක ඉදිකෙරෙන, තණතීරු 10 කින් සමන්විත මෙම ක්‍රීඩාංගණය අන්තර්ජාතික ප්‍රමිතියට අනුව ඉදි කෙරෙන්නකි. ක්‍රිකට් තරගයකදී හතරේ සීමාව සඳහා පැවතිය හැකි උපරිම දුර සීමාව වන මීටර 80 ක දුරකින් යුතුව ඉදිකෙරෙන මෙම ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ක්‍රීඩා නගරයක්’ සඳහා වන දිගු කාලීන ව්‍යාපෘතියකි. 

- 213


අදහස් (1)

යාපනය ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සැලසුම් කළ පරිදිම ඉදිරියට
  • Krishan Wednesday, 31 December 2025 12:46 AM

    යාපනය පැත්තට අවුරුද්දේ අන්තිම මාස වල හොදට වහිනවා. එතකොට ඔය දිට්වා නැතුව වුණත් ඔය ග්‍රවුන්ඩ් එක යටවෙනවා. ඒකට ගත් ක්‍රියාමාර්ග මොනවද කියලා පැහැදිළි කරන්න අවශ්‍යයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.