Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මේරියන්ස් සුපිරි වටයේ පෙරමුණ ගනී

මේරියන්ස් සුපිරි වටයේ පෙරමුණ ගනී

Nisanka Sandeepani - 2018 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට සමගින් පැවැත්වෙන තරග වටයේ පළමු සතිය අවසන්වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 65.04 ක් ලබාගත් හලාවත මේරියන්ස් කණ්ඩායම සමත්විය.

මූලික වටයේ රැස්කළ ප්‍රසාද ලකුණු සමගින් සුපිරි වටය සදහා පැමිණි හලාවත මේරියන්ස් කණ්ඩායම තරග 4 කට සහභාගිවී ඉන් තරග 3 ක් ජයගෙන ඇති අතර එක් තරගයක ලකුණු සමවීමෙන් අවසන්වී ඇත.

ප්‍රසාද ලකුණු 52.56 ක් ලබාගත් එස්.එස්.සී. කණ්ඩායම දෙවැනි ස්ථානයෙත් ප්‍රසාද ලකුණු 49.60 ක් ලබාගත් කෝල්ට්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයෙත් පසුවන්නේය.

පළඟ ශූරතාව සදහා පැවැත්වෙන තරග වටයේ පළමු සතිය අවසන්වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 30.36 ක් ලබාගත් ද්‍රවිඩ සංගම් පිල සමත්විය.

මූවර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 30.36 ක් ලබාගනිමින් දෙවැනි ස්ථානයෙත් බ්ලූම්ෆීල්ඞ් කණ්ඩායම ප්‍රසාද ලකුණු 28.54 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයෙත් පසුවන්නේය.


අදහස් (0)

මේරියන්ස් සුපිරි වටයේ පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.