අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේ පළමු සතියේදී ජයග්‍රහණ වාර්තා කිරීමට හලාවත මේරියන්ස්, රාගම සහ කෝල්ට්ස් කණ්ඩායම් අද (28 වැනිදා) සමත්වූහ.
වරාය අධිකාරිය සහ එස්.එස්.සී කණ්ඩායම් අතර ඊයේ අවසන්වූ තරගය ඉනිමකින් ජය ගැනීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය.
මෙම සති අන්තයේ අවසන්වූ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේදි ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට ඕෂධ ප්‍රනාන්දු සහ සචිත්‍ර සේරසිංහ (හලාවත මේරියන්ස්), කෞශාල් සිල්වා සහ චාමර කපුගෙදර (එස්.එස්.සී) සමත්වූහ.
සාලිය සමන් (සැරසන්ස්), අසිත ප්‍රනාන්දු සහ මාලින්ද පුෂ්පකුමාර (හලාවත මේරියන්ස්), නිසල තාරක (කෝල්ට්ස්), සුරාජ් රංදීව් (බී.ආර්.සී.), නිශාන් පිරීස් (රාගම) කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
හලාවත මේරියන්ස් සහ සැරසන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස්ට ලකුණු 244 ක ජයක්
හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 109.2 කදී සියලුදෙනා දැවී ලකුණු 401
(අශේන් සිල්වා 47, ඕෂධ ප්‍රනාන්දු 112, සචිත්‍ර සේරසිංහ 109, තීක්ෂිල ද සිල්වා 45, සාලිය සමන් 76/5)
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 65.5 කදී සියලුදෙනා දැවී ලකුණු 236
(ඇන්ඩි සොලමන්ස් 31, ගමිඳු අමරසිංහ 43, හර්ෂ කුරේ 41, චතුර රංදුණු නොදැවී 25, රනිත ලියනාරච්චි 36, අසිත ප්‍රනාන්දු 47/5, මාලින්ද පුෂ්පකුමාර 71/3)
හලාවත මේරියන්ස් - දෙවැනි ඉනිම - ඕවර 56.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 259
(ශෙහාන් ජයසූරිය 40, සචිත්‍ර සේරසිංහ 87, අශේන් සිල්වා 32, රිසිත් උපමාල් 39, තීක්ෂිල ද සිල්වා 29, චතුර රංදුණු 68/4)
සැරසන්ස් - දෙවැනි ඉනිම - ඕවර 56.3 කදී සියලුදෙනා දැවී ලකුණු 180
(ප්‍රමෝද් මදුවන්ත 36, හර්ෂ කුරේ 62, රනිත ලියනාරච්චි 20, මාලින්ද පුෂ්පකුමාර 73/6, සචිත්‍ර සේරසිංහ 25/2)
බී.ආර්.සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් පිලට කඩුලු 3 ක ජයක්
බි.ආර්.සී - පළමු ඉනිම - ඕවර 90.2 කදී සියලුදෙනා දැවී ලකුණු 310
(හර්ෂ විතාන 41, හෂේන් රාමනායක 66, ශශින් දිල්රංග 124, නිසල තාරක 71/6, ප්‍රභාත් ජයසූරිය 62/2)
කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 97.1 කදී සියලුදෙනා දැවී ලකුණු 231
(ඇන්ජලෝ ජයසිංහ 37, ප්‍රියමාල් පෙරේරා 88, විශාද් රංදික 22, නිසල තාරක 31, නෙරංජන වන්නිආරච්චි 38/4, හෂේන් රාමනායක 47/3, සුරාජ් රංදීව් 36/2)
බි.ආර්.සී - දෙවැනි ඉනිම - ඕවර 38.4 කදී සියලුදෙනා දැවී ලකුණු 122
(ලසිත් ලක්ෂාන් 64, රුමේෂ් බුද්ධික 22, ප්‍රභාත් ජයසූරිය 15/4, කවිශ්ක අංජුල 35/4, නිසල තාරක 26/2)
කෝල්ට්ස් - දෙවැනි ඉනිම - ඕවර 62.3 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 203
(පසිඳු ලක්ශංක 26, සංගීත් කුරේ 39, සධීර සමරවික්‍රම 20, හෂාන් දුමිඳු 38, ප්‍රියමාල් පෙරේරා 35, සුරාජ් රංදීව් 72/5)
එන්.සී.සී. සහ රාගම කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
රාගම පිලට කඩුලු 5 ක ජයක්
එන්.සී.සී.- පළමු ඉනිම - ඕවර 76.1 කදී සියලුදෙනා දැවී ලකුණු 247
(සඳුන් වීරක්කොඩි 24, චතුරංග ද සිල්වා 90, ෆර්විස් මහරුෆ් 24, චාමික කරුණාරත්න 32, තරිඳු කෞෂාල් නොදැවී 23, ඉශාන් ජයරත්න 46/4, අමිල අපෝන්සු 72/3, ජනිත් ලියනගේ 41/2)
රාගම - පළමු ඉනිම - ඕවර 108.3 කදී සියලුදෙනා දැවී ලකුණු 337
(උදාර ජයසුන්දර 57, ශෙහාන් ප්‍රනාන්දු 23, ළහිරු තිරිමාන්න 56, ජනිත් ලියනගේ 69, සමීර ද සොයිසා 39, අක්ශු ප්‍රනාන්දු 32, චාමික කරුණාරත්න 76/4, ෆර්විස් මහරූෆ් 48/2)
එන්.සී.සී.- දෙවැනි ඉනිම - ඕවර 57.1 කදී සියලුදෙනා දැවී ලකුණු 215
(මාලින්ග අමරසිංහ 34, මහේල උඩවත්ත 20, චතුරංග ද සිල්වා 37, චාමික කරුණාරත්න 51, ෆර්විස් මහරූෆ් 28, නිශාන් පිරීස් 56/5, ඉශාන් ජයරත්න 33/2, අමිල අපෝන්සු 37/2)
රාගම - දෙවැනි ඉනිම - ඕවර 40.1 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 129
(ජනිත් ලියනගේ නොදැවී 44, සමීර ද සොයිසා නොදැවී 43, තරිඳු කෞෂාල් 33/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.