Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ මීගමුව ශාන්ත පීතර විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන "මුහුදු ළිහිණියන්ගේ සටන‘‘ මහා ක්‍රිකට් තරගය අද (30 වැනිදා) සිට ජුනි 1 දින දක්වා කටුනායක ආයෝජන කලාප ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම වාර්ෂික ක්‍රිකට් තරගය පළමු වරට දින තුනක තරගයක් ලෙස පැවැත්වෙන්නේ මේ වසරේ සිටය.
තරග ඉතිහාසයේදී කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය මේ දක්වා එක් ජයග්‍රහණයක් ලබාගනිමින් පෙරමුණ ගෙන සිටියි. ශාන්ත සෙබස්තියන් විද්‍යාලය 2016 දී ජයග්‍රහණය කළ අතර අනෙක් සියලු තරග ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබේ.
ශ්‍රී ලංකාවේ හිටපු සීමිත ඕවර කණ්ඩායම් දෙකේම නායකයා වූ දසුන් ශානක මීගමුව ශාන්ත පීතර විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ අයෙකි. වර්තමානයේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිල නියෝජනය කරන වේග පන්දු යවන්නා වන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට එක්විය.
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය මෙවර වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගවාරයේදී පළමු කොටසේ ‘බී‘ තලයේ තරගාවලියේ ක්‍රීඩා කළේය. මීගමුව ශාන්ත පීතර විද්‍යාලය දෙවැනි කොටසේ ‘ඒ‘ තලයෙන් පාසක් තරගාවලියට එක්විය.
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාල පිල විහඟ තීක්ෂණ විසින් මෙහෙයවනු ලබයි. අවිශ්ක රොහාන් මීගමුව ශාන්ත පීතර විද්‍යාල පිල මෙහෙයවයි.
මෙම විදුහල් අතර 10වැනි වාර්ෂික එක්දින මහා ක්‍රිකට් තරගය ජුනි 8 වැනි දින මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය සංචිතය:
විහඟ තීක්ෂණ (නායක), මහීෂ සිතුම් (උප නායක), දිනුක සඳුන්, මෙනුර ආකර්ෂණ, නිශල් රශ්මික, නවීන් නෙත්සර, දිනිඳු දිලාන්, මහීෂ මිහිදුම්, තාරුක මනරම්, සචින්ත ද සිල්වා, සසිනු ප්‍රනාන්දු, මසිත් ප්‍රහර්ෂ, සුදාර සිත්මිණ, අශේන් සත්සර, දම්සිත් සුභාෂණ, චමත් කවීෂ, එච්.පී.එම්. සනුෂ්ක සහෝදරතුමා (ක්‍රිකට් භාර ආචාර්ය), ඩබ්ලිව්. එස්. පී.කොස්තා මහතා (පුහුණුකරු), සමිත දිල්ෂාන් වනිගසේකර මහතා (සහාය පුහුණුකරු), ගයාන් හර්ෂණ මහතා (සහාය පුහුණුකරු), ඔෂාන් ආසිරි මාරසිංහ මහතා (සහාය පුහුණුකරු)
මීගමුව ශාන්ත පීතර විද්‍යාලයීය සංචිතය:
අවිශ්ක රොහාන් (නායක), එනුර ඉමාෂ් (උපනායක), රයන් අප්පුහාමි, යොහාන් ප්‍රිමෝෂ්, ලිනාල් රංසන, සුපසන් ද සිල්වා, අබ්දුල් රහුමාන්, දිලීෂ පෙරේරා, මාර්ක් රෂේන්, අවිශ්ක ෆොන්සේකා, සෙනුත් දින්සර, යසිරු මුතුගල, රුවින් දිරේන්ද්‍ර, ආකේෂ් ෂාන්, ජනිත් දිලංක, දෙනෙත් පැහැසර, සවිඳු අනුහස්, විජිත විහඟ, උෂාන් ශනෙල්ක, සුවේත නේත්‍රංජන, මංජුල වාස් මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), එස්.ඒ. ගිහාන් සුදීප මහතා (ප්‍රධාන පුහුණුකරු), ලසිත් නිලක්ෂ පීරිස් මහතා (සහාය පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.