Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මුදිත ප්‍රේමදාස ලකුණු 1000 යි

මුදිත ප්‍රේමදාස ලකුණු 1000 යි

editorial - 2020 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(පුෂ්පකුමාර ජයරත්න )

 කුරුණෑගල මලියදේව විදුහලේ අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා සහ කඩුළු රකින්නා ලෙස කටයුතු කරන මුදිත ප්‍රේමදාස මේ වසරේ පාසල් ක්‍රිකට් තරඟ වාරයේදී දිවයිනේ පාසල් අතරින් ලකුණු 1000 ඉක්මවූ පළමු ක්‍රීඩකයා බවට පත්ව සිටී. වමත් පිතිකරුවකු වන මුදිත ප්‍රේමදාස පස්වැනි වසරේ ක්‍රීඩකයෙකි.

සිංගර් කුසලාන වයස අවුරුදු 19 න් පහළ පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරඟාවලියේදි ශතක 3 ක් සහ අර්ධ ශතක 5 ක් සමග ලකුණු 1024 ක් මේවනවිට ලබා ගැනීමට ඔහු සමත්වී ඇත. තරඟ 11 කදී ඉණිම් 19 කදී ලබා ඇති එම ලකුණු සංඛ්‍යාවේ සාමාන්‍යය 60.23 කි.

රත්ගම දේවපතිරාජ විදුහලට එරෙහිව (ලකුණු 197 යි), කොළඹ ආනන්ද විදුහලට එරෙහිව (ලකුණු 119 යි), සහ  මාතර ශාන්ත සර්වේසස් විදුහලට එරෙහිව (නොදැවී 183 යි), ඔහු මෙම තරග වාරයේදී ලබාගත් ශතක වේ.

ශාන්ත සර්වේසස් විදුහලට එරෙහිව ඔහු පළමු ඉණිමේ ලබාගත් ලකුණු 186 ට අමතරව දෙවැනි ඉණිමේදිද නොදැවී ලකුණු 67 ක් ලබා ගැනීමද විශේෂ කරුණකි.කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව (ලකුණු 86 යි), අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට එරෙහිව (ලකුණු 62 යි), කොළඹ මහානාම විදුහලට එරෙහිව (ලකුණු 99 යි), සහ ගාල්ල මහින්ද විදුහලට එරෙහිව (ලකුණු 79 යි) ඔහු ලබාගත් අර්ධ ශතක වෙයි.


 


අදහස් (0)

මුදිත ප්‍රේමදාස ලකුණු 1000 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.