Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට මීගමුව ශාන්ත පීතර විද්‍යාලය ඊයේ (4 වැනිදා) සමත්විය. මෙම තරගය දෙහිවල එස්.ඩි.එස්. ජයසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
දෙහිවල මැදි විදුහල් දෙවැනි ඉනිමේදී කඩුලු 5 බැගින් දවාගත් ශාන්ත පීතර විද්‍යාලයේ ඉසුරු උත්පල සහ සසිඳු මදුශංක ජයග්‍රහණය කරා තම පාසල රැගෙන යාමට සමත්වූහ. ඉසුරු උත්පල ලකුණු 40 කට කඩුලු 8 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.
දෙහිවල ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 35.1 කදී සියලුදෙනා දැවී ලකුණු 142
(සහන් සංතුෂ් 40, ඩිල්ෂාන් ඩයස් 25, නිගුල් දුල්නාත් 22, ඉසුරු උත්පල 16/3, ශෙරොන් අවිශ්ක 18/2, දිනෙත් සත්සර 59/2)
ශා. පීතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 23.1 කදී සියලුදෙනා දැවී ලකුණු 119
(පසිඳු නවෝද් 36, උමේෂ් ලක්ෂාන් 20, චමිඳු සිල්වා 58/5, ක්‍රිශාන් සංතුෂ් 33/2)
දෙහිවල ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 22 කදී සියලුදෙනා දැවී ලකුණු 58
(ඉසුරු උත්පල 24/5, සසිඳු මදුශංක 34/5)
ශා. පීතර විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 19.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 84
(ලසිත් නිසල්නක නොදැවී 25)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.