Last Update  :  2024-05-13 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැංගුස් හටන අද-හෙට

මැංගුස් හටන අද-හෙට

editorial - 2023 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)

කළුතර විද්‍යාල ජාතික පාසල හා කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසල අතර 63 වැනි මැංගුස් හටන මහා ක්‍රිකට් තරඟය අද සහ හෙට (21 – 22) මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

1949 වසරේ ආරම්භ කළ මෙම තරඟයේ තරඟ ඉතිහාසය තුළ කළුතර විද්‍යාලය ජාතික පාසල තරඟ 23 ක්ද, කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසල තරඟ 06 ක්ද වශයෙන් ජයග්‍රහණය කර ඇත. තරඟ 33 ක් ජය පැරදුමෙන් තොරව අවසන්වී ඇත.

කළුතර විද්‍යාලය ජාතික පාසල් කණ්ඩායම මෙම ක්‍රිකට් වාරයේ තරඟ 13 කට සහභාගි වී ඉන් 08 ක් ජයගෙන තිබූ අතර 05 ක් පරාදවී තිබුණි. නායක දිනුක තිසර තරඟ 12 කදී කඩුලු 63 ක් බිඳ හෙලා තිබූ අතර උප නායක හන්සක අනුපම ලකුණු 748 ක් ලබාගෙන තිබුණි.

කළුතර විද්‍යාලයීය විදුහල්පති හර්ශන පීරිස්, ක්‍රිකට් භාර ආචාර්ය අරුණ ගම්මුණේ පුහුණුකරු පද්මනාත් පෙරේරා සහ සහය පුහුණුකරු මියුරු හෙෂාන් යන මහත්වරුන්ගේ මගපෙන්වීම යටතේ මෙම කණ්ඩායම කටයුතු කරයි.

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසල් කණ්ඩායම මෙම ක්‍රිකට් වාරයේ තරඟ 10 කට ඉදිරිපත්වී ඉන් 03ක් ජයගෙන ඇති අතර 03 ක් පරාජයවී ඇත. තනුෂ්ක නානායක්කාර තරඟ 10 කදී ලකුණු 748 ක් රැස්කර ඇති අතර නදුන් අසේල මෙම තරඟ 10 තුළදී කඩුලු 48 ක් බිඳහෙළා ඇත.

කලුතර තිස්ස විදුහල්පති දිනෙත් මාලින්ද ජයතුංග, පුහුණුකරු රිෂාන් සජිත්, සහය පුහුණුකරුවන් වන අවන්ත මධුසංඛ හා රුවන් චමීර, ක්‍රිකට් භාර ආචාර්ය පූර්ණ රන්ධිර යන මහත්වරුන්ගේ මගපෙන්වීම යටතේ මෙම කණ්ඩායම ඉදිරියට යමින් සිටිති.

මීට අමතරව මෙම කණ්ඩායම් දෙක සහභාගි වන එක් දින තරඟය මේ මස 30 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.


අදහස් (0)

මැංගුස් හටන අද-හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.