Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහානාම විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

මහානාම විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

editorial - 2020 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ මහානාම විදුහලේ විනුක රූබසිංහ ලකුණු 83 ක් රැස්කළ අතර එම විදුහලේම දෙවිඳු කැකිරිදෙණිය ලකුණු 62 කට කඩුලු 8 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.  


මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 60 කදී සියලු දෙනා දැවී 234
(විනුක රූබසිංහ 83, අචින්ත සුපුන් 35, පවන් රත්නායක 29, සචිර වැලිවත්ත 24, සුධීර වීරරත්න 62/4, හිරුෂ්ක තිමිර 58/3)

දේවපතිරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 30.5 කදී සියලු දෙනා දැවී 78
(පවන් සංදේශ් 39, දෙවිඳු කැකිරිදෙණිය 03/3, සදිශාන් චමෝද්‍ය 04/3, ධනුක නිම්මාන 22/2)

දේවපතිරාජ විදුහල් දෙවැනි  ඉනිම - ඕවර 98.1 කදී සියලු දෙනා දැවී 222
(සසංක නිර්මාල් 53, තරිඳු රුක්ෂාන් 46, පවන් සංදේශ් 33, දෙවිඳු කැකිරිදෙණිය 59/5, අචින්ත සුපුන් 64/3)

මහානාම විදුහල් දෙවැනි ඉනිම - ඕවර 7 කදී කඩුලු 3 ක් දැවී 41
(ෂෙහාන් හසරංග 17/2)


-036

 


අදහස් (0)

මහානාම විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.