Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී හොරණ තක්ෂිලා විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය හොරණ තක්ෂිලා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
රවිශ්ක උපනන්ද (නොදැවී 112) ශතකයක් සහ කඩුලු 3 ක් ද කසුන් කරුණාතිලක (76) අර්ධ ශතකයක් සහ කඩුලු 5 ක් ද දවාගනිමින් තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත්වූහ.
තක්ෂිලා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 62.1 කදී සියලුදෙනා දැවී ලකුණු 174
(ගිහාන් මදුභාෂ් 38, සසංක අදීප 23, සසිඳු ජනිත් 20, චතුරංග දිල්ෂාන් 30/5, රවිශ්ක උපනන්ද 31/3)
විද්‍යාර්ථ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 54 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 313
(රවිශ්ක උපනන්ද නොදැවී 112, කසුන් කරුණාතිලක 76, ඉසුරු ප්‍රබෝධ 63, සසිඳු ජනිත් 110/5)
තක්ෂිලා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 47 කදී සියලුදෙනා දැවී ලකුණු 165
(සඳුන් රංග 34, තිළිණ තරිඳු 33, සසිඳු ජනිත් 32, කසුන් කරුණාතිලක 51/5, චතුරංග දිල්ශාන් 30/2)
විද්‍යාර්ථ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 4.5 කදී කිසිවකු නොදැවී ලකුණු 28
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.