Last Update  :  2026-04-09 20:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර ක්‍රීඩකයෝ පරාජයෙන් ගැළවෙති
ජාතික සුපිරි ලීගය

මහනුවර ක්‍රීඩකයෝ පරාජයෙන් ගැළවෙති

editorial - 2026 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති සිවුදින තරගය අද (9 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. එහිදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 314 ක ඉලක්කයක් හඹාගිය මහනුවර ක්‍රීඩකයෝ තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 220 ක් ලබා ජයග්‍රහණයට ලකුණු 93 ක් පසුපසින් සිටියහ. මහනුවර දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ පවන්ත වීරසිංහ හතරේ පහර 7 ක් සමග ලකුණු 61 ක් රැස්කළ අතර නායක ළහිරු උදාර ලකුණු 41 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. 

ගාල්ල කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා අවශ්‍ය වූයේ තවත් එක් කඩුල්ලක් පමණක් වුවද, ජෙෆ්රි වැන්ඩසේ (නොදැවී 22) සහ දුලාජ් සමුදිත (නොදැවී 0) අවසානය දක්වාම සිය කඩුලු ආරක්ෂා කරගැනීම හේතුවෙන් ඔවුන්ගෙන් ජයග්‍රහණය ගිළිහී ගියේය. එහිදී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් අසංක මනෝජ් කඩුලු 3 ක් දවාගත් අතර රමේෂ් මෙන්ඩිස් සහ ඉසිත විජේසුන්දර කඩුලු 2 බැගින් දවාගත්හ. එහෙත් ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ. 

ලකුණු 51 ක වාසියක් සමග දෙවැනි ඉනිම ආරම්භ කළ ගාල්ල කණ්ඩායම තෙවැනි දිනය වූ ඊයේ (8 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 206 ක් ලබා සිටියේය. අද දිනයේදී ඉතිරි කඩුලු 2 ද අහිමි කරගනිමින් තවත් ලකුණු 56 ක් සිය කණ්ඩායමට එක්කිරීමට ගාල්ල පිතිකරුවෝ සමත් වූහ. එහිදී සදීර සමරවික්‍රම (76), ඕෂද ප්‍රනාන්දු (55) සහ දිලුම් සුදීර (56) අර්ධ ශතක ලබාගත්හ.  


ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 260
(ඕෂද ප්‍රනාන්දු 84, පසිඳු සූරියබණ්ඩාර 33, රමේෂ් මෙන්ඩිස් 70, ඉසිත විජේසුන්දර 27, චාමික ගුණසේකර 45/5, දුලාජ් සමුදිත 51/3, ජෙෆ්රි වැන්ඩසේ 39/2) 

මහනුවර පළමු ඉනිම - සියලු දෙනා දැවී 209
(පවන්ත වීරසිංහ 15, චාමික හීනටිගල 18, සම්මු අෂාන් 52, අෂේන් බණ්ඩාර 28, සොහාන් ද ලිවේරා 20, චාමික කරුණාරත්න 34, ඉසිත රූපසිංහ 56/5, අසංක මනෝජ් 47/2) 

ගාල්ල දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 262
(සදීර සමරවික්‍රම 76, රමේෂ් මෙන්ඩිස් 17, ඕෂද ප්‍රනාන්දු 55, දිලුම් සුදීර 56, ඉසිත විජේසුන්දර 18, චාමික කරුණාරත්න 28/3, දුලාජ් සමුදිත 47/2, ජෙෆ්රි වැන්ඩසේ 57/2)
 
මහනුවර දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 221 
(ළහිරු උදාර 41, සොහාන් ලිවේරා 28, පවන්ත වීරසිංහ 61, අෂේන් බණ්ඩාර 20, ජෙෆ්රි වැන්ඩසේ නොදැවී 23, අසංක මනෝජ් 60/3, රමේෂ් මෙන්ඩිස් 26/2, ඉසිත විජේසුන්දර 34/2) 

 


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ පරාජයෙන් ගැළවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.