Last Update  :  2025-09-04 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2017 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය අද (14 වැනිදා) සමත්විය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


මහින්ද විද්‍යාලයේ රෙශාන් කාවින්ද (66), නිපුන් මාලිංග (51) සහ කවිඳු එදිරිවීර (50) අර්ධ ශතක රැස්කිරීමට සමත්වූ අතර ලකුණු 69 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීමට කවිඳු එදිරිවීර සමත්විය.


ආනන්ද විද්‍යාලයේ හසිඳු ශාමික ලකුණු 49 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

මහින්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 88.1 කදී සියලුදෙනා දැවී ලකුණු 255
(රෙශාන් කාවින්ද 66, නිපුන් මාලිංග 51, කවිඳු එදිරිවීර 50, නවෝද් පරණවිතාන 28, විදුර රවිසර 28, හසිඳු ශාමික 49/5, චමින්ද රෙශාන් 25/2, අසෙල් සිගේරා 70/2)

ආනන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 70.4 කදී සියලුදෙනා දැවී ලකුණු 189
(ළහිරු හිරන්ය 44, කළණ විජේසිරි 28, නවෝද් පරණවිතාන 39/3, කවිඳු එදිරිවීර 69/3, පසන් පෙතන්ගොඩ 45/2)

මහින්ද විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 21 කදී කිසිවකු නොදැවී ලකුණු 59
(නවෝද් පරණවිතාන නොදැවී 40)

 

 


අදහස් (0)

මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.