උමාවින් ඉන්දීප (නොදැවී 108) සහ උදීෂ රවිෂාන් (නොදැවී 55) දක්ෂ පිතිහරඹය හේතුවෙන් ‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ තරගයකදී, මොරටුව මෙතොඩිස්ට් උසස් පාසලට එරෙහිව කඩුලු 10 ක විශිෂ්ට ජයක් ලැබීමට හෝමාගම මහින්ද රාජපක්ෂ ජාතික පාසල 3 වැනිදා සමත් විය. මෙම තරගය මහින්ද රාජපක්ෂ පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙතෝඩිස්ට් උසස් පාසල - ඕවර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 177
(ලක්ෂාන් චාමික 33, සෙනෙත් රොෂේන් 22, ප්‍රියසංක ප්‍රනාන්දු 20, මිලංග සසංග 37/3, සංගීත් සිහාර 34/2 )
මහින්ද රාජපක්ෂ ජාතික පාසල - ඕවර 37.1 කදී කිසිවෙකු නොදැවී ලකුණු 178
(උමාවින් ඉන්දීප නොදැවී 108, උදීෂ රවිෂාන් නොදැවී 55 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.