බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සහ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම අතර ඩකාහිදී අද (20 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 129 ක ඉලක්කයක් හඹා ගිය කොමිලා වික්ටෝරියන්ස් පිතිකරුවෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ශොයිබ් මලික් පන්දු 53 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 54 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
එහිදී ඩකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ සුනිල් නරේන් සහ මොහොමඞ් අමීර් සහ කඩුලු 2 බැගින් දවාගත්තද ඔවුන්ට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු සුනිල් නරේන් පන්දු 45 කදී ලකුණු 76 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. කුමාර් සංගක්කාර (28) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සුනිල් නරේන් සමත් විය. පන්දු 30 කදී වාර්තා වූ සංගක්කාරගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.
ඔවුන් දෙදෙනා හැරුණු කොට ඩකා කණ්ඩායමේ අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකර යෑමට නොහැකි විය. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ හසන් අලී ලකුණු 20 ට කඩුලු 5 ක් බිඳහෙළමින් ඩකා ඉනිම සුනුවිසුණු කර දැමූ අතර ඔහුගේ කඩුලු 5 ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවීගිය අවස්ථා වීම කැපී පෙනෙන සිදුවීමක් විය.
ඩකා ඩයිනමයිට්ස් පිල - ඕවර 18.3 කදී සියලු දෙනා දැවී 128
(සුනිල් නරේන් 76, කුමාර් සංගක්කාර 28, හසන් අලී 20/5, මොහොමඞ් සයිෆුඩීන් 29/2)
කොමිලා වික්ටෝරියන්ස් පිල - ඕවර 19.4 කදී කඩුලු 6 ක් දැවී 129
(ටමීම් ඉක්බාල් 18, ඉම්රුල් කේයස් 20, ෂොයිබ් මලික් නොදැවී 54, සුනිල් නරේන් 17/2, මොහොමඞ් අමීර් 28/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.