Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
’සිංගර් කුසලාන’ වයස 17 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කාණ්ඩයේ පැවති තරගයකදී, ගල්කිස්ස විද්‍යා විදුහලට එරෙහිව ලකුණු 482 විශිෂ්ට ජයක් ලැබීමට කොළඹ බ්‍රිතාන්‍ය පාසල පෙරේදා (9) සමත් විය. මෙම තරගය රාජගිරිය ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
කාසියේ වාසිය දිනාගත් විද්‍යා විදුහල පළමුවෙන් පන්දුවට පහර දීමට බි්‍රතාන්‍ය පාසලට ආරධනා කළේය. බි්‍රතාන්‍ය පාසල් පිල ඕවර 48 කදී කඩුලු 5ක් දැවී ලකුණු 531ක් රැස්කිරීමට සමත්විය. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ප්‍රද්යුන් සිකියා නොදැවී ලකුණු 300 ක් රැස් කරද්දී, ඔහුට මනා සහයක් ලබාදුන් රාහුල් රදීෂ් ලකුණු 125 ක් රැස් කළේය.
ලකුණු 532ක දැවැන්ත ඉලක්කය හඹායාමට පිටියට පිවිසි විද්‍යා විදුහලට ඕවර 28.4 කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 49 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ බි්‍රතාන්‍ය පාසලේ තිෂාන් ධනංජය, කවිඳු සුබසිංහ සහ තරිඳු නානායක්කාර කඩුලු 2 බැගින් බිඳහෙලූහ.
බ්‍රිතාන්‍ය පාසල - ඕවර 48 කදී කඩුලු 5කට ලකුණු 531
(ප්‍රද්යුන් සිකියා නොදැවී 300, රාහුලු රදීෂ් 125, සල්මන් අක්බාර් අලී 65, ඉෂාර මධුෂංක 81/3)
විද්‍යා විදුහල - ඕවර 28.4 කදී සියලු දෙනා දැවී 49
(තිෂාන් ධනංජය 03/2, කවිදු සුබසිංහ 07/2, තරිඳු නානායක්කාර 09/2)
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.