Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බන්දුල වර්ණපුර අනුස්මරණ ක්‍රිකට් තරගය 7 දා

බන්දුල වර්ණපුර අනුස්මරණ ක්‍රිකට් තරගය 7 දා

editorial - 2024 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා මෙන්ම හෙන්රි ස්ටීල් ඕල්කට් පදනමේ පළමු සභාපතිවරයාද වූ බන්දුල වර්ණපුර මහතා අනුස්මරණය කිරීම සඳහා වන ක්‍රිකට් තරගය ලබන 7 වැනිදා කොළඹ වෙළෙඳසේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එදින පෙරවරු 10.30 ට ආරම්භ වන තරගයේදී වෙළෙඳසේවා ක්‍රිකට් සංගම් කණ්ඩායම සහ ඕල්කට් පාසල් කණ්ඩායම තරග වදිනු ඇත. 

රෝහණ දිසානායක වෙළෙඳසේවා කණ්ඩායමේ නායකත්වය දරන අතර අර්ජුන රණතුංග ඕල්කට් පාසල් කණ්ඩායමේ නායකත්වය දරයි. 

කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රීඩා පදනම සහ වෙළෙඳසේවා ක්‍රිකට් සංගමය විසින් පත්කරන ලද ඒකාබද්ධ කමිටුවක් විසින් මෙම තරගය සංවිධානය කරනු ලබයි. අනුස්මරණ උත්සවය පෙරවරු 9.00 ට ආරම්භ වන අතර වර්ණපුර මහතාගේ බිරිඳ වන හේමමාලි වර්ණපුර මහත්මිය එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වනු ඇත. 

බන්දුල වර්ණපුර මහතා නායකත්වය දැරූ ටෙස්ට් කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් මෙන්ම ආදි නාලන්දීයයන් සහ වර්ණපුර මහතාගේ සමකාලීනයෝත් මෙම තරගයට ක්‍රීඩා කිරීමට කැමැත්ත පළකර සිටිති. 


ඕල්කට් පාසල් කණ්ඩායම 
අර්ජුන රණතුංග (නායක), තිලාන් විජේසිංහ, නිහාල් පතිරගේ, දුමින්ද සෝමවීර, පුන්‍යකාන්ත අබේගුණසේකර, ලාල් රණසිංහ, ජානක කුමුදු, දුමින්ද වික්‍රමසිංහ, ප්‍රසන්න වලලේවල, ප්‍රසන්න දහනායක, ප්‍රියන්ත උයන්හේවා, ජීවන්ත කුලතුංග, අජිත් ඒකනායක, සුදර්ශන් ගුරුගේ සහ බී. සේනසිංහ


වෙළෙඳසේවා ක්‍රිකට් සංගම් කණ්ඩායම 
රෝහණ දිසානායක, ඈෂ්ලි ද සිල්වා, රොෂාන් ඉද්දමල්ගොඩ, වසන්තලාල් ප්‍රනාන්දු, මහේෂ් ද අල්විස්, ශිරෝෂ ගුණතිලක, දුමින්ද පින්ටෝ, අජිත් සියඹලාපිටිය, සංජය අත්තනායක, සමන්ත ද මැල්, විදාර ජයවර්ධන, අනූෂ් පෙරේරා, වරුණ වරාගොඩ සහ  ප්‍රසාද් අමරසිංහ, 


අදහස් (0)

බන්දුල වර්ණපුර අනුස්මරණ ක්‍රිකට් තරගය 7 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.