Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බණ්ඩාරවෙල තෝමසුවන්ට පහසු ජයක්

බණ්ඩාරවෙල තෝමසුවන්ට පහසු ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පළමු වටයේ පැවති තරගයකදී මොණරාගල පඤ්ඤානන්ද මහා විදුහලට එරෙහිව ලකුණු 158ක පහසු ජයක් ලබාගැනීමට බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල සමත් විය. මෙම තරගය පැල්වත්ත සීනි කම්හල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.   

කාසියේ වාසිය දිනාගත් පඤ්ඤානන්ද මහා විදුහල පළමුවෙන් පන්දුවට පහර දිමට ශාන්ත තෝමස් විදුහලට ආරාධනා කළ අතර එහිදී ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 240 රැස් කළේය. තවිත් බස්නායක ලකුණු 45ක්, ගයන්ත සිල්වා ලකුණු 31 ක් ලබා තෝමස් විදුහල් ඉණිම ශක්තිමක් කළහ.  පඤ්ඤානන්ද විදුහලේ සසිදු කරුණාරත්න ලකුණු 41 කට කඩුලු 3ක් සහ තරිදු ඩිල්ෂාන් ලකුණු 33කට කඩුලු 2ක බැගින් ලබා ගත්හ. 

ලකුණු 241 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි පඤ්ඤානන්ද මහා විදුහලට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 82 ක් පමණි. එහිදී තෝමස් විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවූ තවිත් බස්නායක ලකුණු 15 කට කඩුලු 5ක් ලබාගත්තේය. රංජන විදුමින හා තෙවින් අමරසිංහ කඩුලු 2  බැගින් ලබාගනිමින් තෝමස් විදුහලේ ජයග්‍රහණයට දායකත්වය සැපයීය. 

ශාන්ත තෝමස් විදුහල ඕවර 43.1කදී සියලු දෙනා දැවී ලකුණු 240
(තවිත් බස්නායක 45, ගයන්ත සිල්වා 31, තෙවින් අමරසිංහ 28, පැතුම් අබේරත්න 24, සසිදු කරුණාරත්න 3/41, තරිඳු ඩිල්ෂාන් 2/33, සචිදු ලක්ෂාන් 2/36 ) 

 පඤ්ඤානන්ද මහා විදුහල ඕවර 25.2 කදී සියලු දෙනා දැවී ලකුණු  82 
( තවිත් බස්නායක 5/15, රජන විදුමින 2/02, තෙවින් අමරසිංහ 2/13 ) 

024


අදහස් (0)

බණ්ඩාරවෙල තෝමසුවන්ට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.