Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පී. ද එස්. කුලරත්න - පානදුර රාජකීය අවසන් පූර්ව තරගය හෙට - අනිද්දා

පී. ද එස්. කුලරත්න - පානදුර රාජකීය අවසන් පූර්ව තරගය හෙට - අනිද්දා

editorial - 2024 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින්  සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ  ‘බී’ කාණ්ඩයේ දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (22) සහ අනිද්දා (23) මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අම්බලන්ගොඩ පී.ද එස්.කුලරත්න විද්‍යාලය සහ පානදුර රාජකීය විද්‍යාලය අතර මෙම තරගය පැවැත්වෙයි. 

අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය, පළමු වටයේදී ‘එක්ස්‘ කාණ්ඩයේ ශූරයින් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය.  පානදුර රාජකීය විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ‘වයි‘  කාණ්ඩයේ අනු ශූරයින් වෙමිනි. අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ අශෝක විද්‍යාලය පරාජය කළ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය පරදවමින්  පානදුර රාජකීය විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ සාමාජිකයකු වන රවිශාන් නෙත්සර අම්බලන්ගොඩ පී.ද එස්.කුලරත්න විදුහල් පිල මෙහෙයවයි. පානදුර රාජකීය විදුහල් පිල යසිත් ප්‍රනාන්දු විසින් මෙහෙයවනු ලබයි.

මෙම තරගයෙන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම අවසන් තරගයේදී තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය සමගින් තරග වදිනු ඇත.


අදහස් (0)

පී. ද එස්. කුලරත්න - පානදුර රාජකීය අවසන් පූර්ව තරගය හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.