Last Update  :  2025-12-04 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් රග්බි තරගාවලියට සිංගර් අනුග්‍රහය

පාසල් රග්බි තරගාවලියට සිංගර් අනුග්‍රහය

රොෂාන් ගුණරත්න - 2017 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියට 15 වැනි වසරටත් අනුග්‍රහය දැක්වීමට ‘සිංගර්’ ශ්‍රී ලංකා සමාගම ඉදිරිපත්ව සිටියි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් එම තරගාවලියේ 2017 වසර සඳහා අනුග්‍රහය පිරිනැමීමේ උත්සවය පසුගියදා කොළඹදී පැවැත්විණි.


සිංගර් සමාගම 2003 වසරේ සිට අඛණ්ඩව අන්තර් පාසල් වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියට අනුග්‍රහය දක්වන අතර ඊට අමතරව සිංගර් සමාගම සියලුම කාණ්ඩවල පාසල්වලටද අනුග්‍රහය පිරිනමයි.


මෙම අනුග්‍රහය යටතේ ‘සිංගර්’ සමාගම පාසල් 100 කට ආසන්න සංඛ්‍යාවකට මෙම වසරේදී අනුග්‍රහය දක්වයි. අනුග්‍රහය පිරිනැමීමේ අවස්ථාවට සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අශෝක පිරීස් සහ ‘සිංගර්’ සමාගමේ අළෙවි අධ්‍යක්‍ෂ කුමා සමරසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.

 



සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අශෝක පිරීස් විසින් අනුග්‍රහක චෙක්පත නිල වශයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට පිරිනමන ලද අවස්ථාව. පාසල් රග්බි සංගමයේ සභාපති බී. ඒ අබේරත්න, ‘සිංගර්’ සමාගමේ අළෙවි අධ්‍යක්‍ෂ කුමා සමරසිංහ, අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ උපදේශක (ක්‍රීඩා) සුනිල් ජයවීර යන මහත්වරු ද සිටිති.


ඡායාරූපය: ක්‍රිෂාන් ශෂික රණසිංහ
 

 

 


අදහස් (0)

පාසල් රග්බි තරගාවලියට සිංගර් අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.