Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 30 ක ජයක් හිමිකර ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය යාපනය ශාන්ත ජෝන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශලන ඉශාර ලකුණු 64 කට කඩුලු 8 ක් සහ නිපුන දේශාන් ලකුණු 38 කට කඩුලු 7 ක් දවාගනිමින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
ශා. ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 43.3 කදී සියලුදෙනා දැවී ලකුණු 96
(එම්.රතුශන් 31, ශලන ඉශාර 38/6, නිපුන දේශාන් 09/3)
ශ්‍රී සුමංගල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 60.5 කදී සියලුදෙනා දැවී ලකුණු 204
(චරණ ගාංධාර 48, හිමාෂ ද සිල්වා 28, සහනජිත් ප්‍රනාන්දු 22, ඉසුරු උමයංග 21, අංජන මදුවන්ත 21, වී. ජතුශන් 51/5, කේ. කපිල්රාජ් 26/2)
ශා. ජෝන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 24.1 කදී සියලුදෙනා දැවී ලකුණු 78
(නිපුන දේශාන් 29/4, අනුක ප්‍රදීප් 11/3, ශලන ඉශාර 26/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.