Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රමේෂ්ගේ (189) ශතකයෙන් සිරිධම්ම විදුහලට ජය

ප්‍රමේෂ්ගේ (189) ශතකයෙන් සිරිධම්ම විදුහලට ජය

Nisanka Sandeepani - 2018 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අහුංගල්ල රාජපක්ෂ විදුහලට එරෙහිව බලපිටියේදී පැවැති III වැනි කොටසේ තරගයකදී ලකුණු 189 ක් රැස්කිරීමට ලබුදූව සිරිධම්ම විදුහලේ ප්‍රමේෂ් මධුභාෂන සමත් විය. 

එහිදී පන්දු 128 කට මුහුණදුන් ප්‍රමේෂ් හයේ පහර 10 කින් සහ හතරේ පහර 20 කින් සිය ශතකය අලංකාර කළේය. ප්‍රමේෂ්ගේ ශතකය හමුවේ එම තරගයෙන් ඉනිමක සහ ලකුණු 151 ක ජයක් ලැබීමට සිරිධම්ම විදුහලට හැකි විය. 

රාජපක්ෂ විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 31 
(ගඟන ෂෙමාල් 6/6, දිනෙත් පැහැසර 21/4) 

සිරිධම්ම විදුහල් පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 275 
(ප්‍රමේෂ් මධුභාෂන 189, කුලාජි කිරුලිය 22, සමන් සත්මික 19, ඩී. හිමාෂ 46/3) 

රාජපක්ෂ විදුහල් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 93 
(ඩී. හිමාෂ 33, ස්වප්න චමෝද්‍ය 25, කුමාල් සත්නිඳු 14/5, ගඟන ෂෙමාල් 12/3) 

-036 


අදහස් (0)

ප්‍රමේෂ්ගේ (189) ශතකයෙන් සිරිධම්ම විදුහලට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.