Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය දෙහිවල එස්. ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
චමෝද් සඳරු (95) අර්ධ ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර හේශාන් මදුශංක ලකුණු 89 කට කඩුලු 8 ක් දවාගනිමින් පිළියන්දල මැදි විදුහල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
පිළියන්දල ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 70.2 කදී සියලුදෙනා දැවී ලකුණු 237
(චමෝද් සඳරු 95, ගයාශාන් චතුරංග 37, මල්ශාන් ගුණතිලක 29, සඳුන් සත්සර 22, මාධව කවිඳු 52/5, යුගීෂ දිහාන් 86/2)
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 44 කදී සියලුදෙනා දැවී ලකුණු 124
(අචින්ත කුමාර 25, සචින්ත ලක්ෂාන් 20, තරූෂ රංසර 21/3, හේෂාන් මදුශංක 36/3, සසංක ලක්ෂාන් 12/2)
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 36 කදී සියලුදෙනා දැවී ලකුණු 127
(අචින්ත කුමාර නොදැවී 37, යුගීෂ දිහාන් 27, ඉරූෂ රාමනායක 21, හේශාන් මදුශංක 53/5, සඳුන් සත්සර 27/3, තරූෂ රංසර 30/2)
පිළියන්දල ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 3.4 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 19
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.